𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
10ජින් හැරිලා අහපු විදියට කේට්ගේ කටත් එක්ක ලොක් වුණා වගේ ඇයට දැනුනේ ...
" දේ .... "
ඔහු ආයෙම ඇහුවේ කෙල්ලගෙ දෙඇස් දිහා බලාගෙනමයි ... ඇය තාමත් නිරුත්තරයි ... ඇයි ඔහුට කතා කලේ ඇයටත් හිතාගන්න බෑ ... ඇගෙන් පිළිතුරක් නැති තැන ජින් දෙඇස් උඩට කරලා වගේ පියාගෙන හැරෙන්න යද්දිම කේට් ඉක්මනින්ම ඉස්සර වුනා ...
" ජින්-ශී ....
ඇ...ඇයි ඔහොම නපුරු ...
මන් එක්ක ඔයා...ට මොකක් හරි තරහක් තියෙනවද .... "" මොව් .... මොනවද කියවන්නෙ ... මන් මොනාහරි ඔයාට කිව්වද දැන් .... නෝ මිච්චෙස්සො (are you crazy)..... "
ජින් ඇසුත් ලොකු කරගෙන ඒ අහපු විදියට කෙල්ලගෙ දෙඇස් වල කදුළු පටලයක් එන්න ගියේ ක්ශනයයි ..
" අද ගැන නෙමෙයි ... ඒත් ඔයා එහෙමයි ... ඒ ඇයි ...මන් මෙහෙට එන්න කලින් ඉදන් මගේ බයස් ඔයා ජින්-ශී .... ඔයා ඔහොම කෙනෙක් නෙමෙයි .... නැත්තම් ඒ මට විතරද ...."
අඩන්න ඔන්න මෙන්න ආවත් මෙච්චර කල් හිතේ හිරකරගෙන හිටපු දේ දෙඇස් වල කදුළු හිරකරගෙන කේට් කිව්වේ වෙව්ලන හඩින් ....
" හ්හ්හ්හ්හ් ....
මන් නපුරු නෑ ....මන් නපුරු කෙනෙකුත් නෙමෙයි ...
ඒ කොහොමවුනත් ඔන් ස්ක්‍රීන් එකේ ඉන්නවා වගේ ජෝකර් කෙනෙක්වත් හැම තිස්සෙම හිනාවෙවී අනිත් අයව හිනස්සන්න හදන කෙනෙකුත් නෙමෙයි මන් ... මන් එහෙම ඉන්නේ මගේ ආර්මිලාව සතුටින් තියන්න ඕන නිසා මිසක් මන් ජෝකර් කෙනෙක් නිසා නම් නෙමෙයි ....
මේක මගේ විදිහ ....
ඔයා ඔන් ස්ක්‍රීන් එකෙන් දැකලා මන් ගැන හිතන් හිටපු විදිය නෙමෙයි ඇත්ත ... මන් එහෙම ඉන්නවා නම් ඉන්නේ මන් ආදරේ කරන අය එක්ක විතරයි .... අනික මන් හරියට දන්නෙවත් නැති ඔයා එක්ක මොනවා හිනාවෙවී කතා කරන්නද ...."ජින් කේට්ගේ දෙඇස් දිහාම බලාගෙන කියද්දී කෙල්ලගෙ ඇස් වල කදුළු පිරිලා තිබුණේ ... ඔහු ඇගේ කදුළු පිරිලා තිබුණු ඇස් දිහාම බලන් ඉදලා වෑන් එකට නගින්න ගිහිං ආයෙම නැවතුණා ...
" තව දෙයක් හේතුවක් නැති වුනත් මන් ඔයාට කැමති නෑ ... ඒකයි මේ ..."
ඔහු ආයෙම හැරිලා කියද්දී කේට්ගේ දෙඇස් වලින් කදුලු පේලියක් නිකන්ම කඩාගෙන වැටෙද්දිම කෙල්ල ඉක්මනින්ම පිටිඅත්ලෙන් පිහිදගෙන තේරුණා කියන්න හිස සොලවද්දී ඔහු බලන් හිටියේ ඇගේ රතුවෙලා තියෙන මූණ දිහා ...
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
Hayran KurguJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹