𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
33" මොව් .... මොන මගුලක්ද මේ ... "
නම්ජුන් ඡායාරූපය සූම් කරලා බලමින් කිව්වේ ඔහුගෙ ඇස් වලට කදුළු පිරෙද්දී ....
" ම් .... මේ... මේක කොහොමද ..."
නම්ජුන්ගෙ අත් දෙකම හොඳටම වෙව්ලනවා ඒ ඡායාරූපය දුටු ගමන් ඔහුට දැනුණේ ඔලුව උඩ හෙනයක් පිපිරුණා වගේ ...
" හ්‍යොන්ග් මේ කොහෙන්ද ..."
නම්ජුන්ට කතා කරගන්නත් සිහියක් නැහැ .... ඔහු එකදිගට ඒ ඡායාරූපය දිහා බලන් ඉද්දී ජින් ඇහුවේ කුතුහලයෙන් ...
සේජින් ඔහුට ඡායාරූප ලැබුණු විදිය හැමදෙයක්ම පැහැදිලි කරමින් ඉද්දී නම්ජුන් ඔලුව උස්සලා ඔහු දිහා බලලා කිසිවක් නොකියම සෝෆාවෙන් නැගිටිනවත් එක්කම ජින් සහ සේජින්ටත් නැගිටුනේ ඉබේටමයි .....
" නම්ජුනාහ් ..."
නම්ජුන් යන්න හදනවත් එක්කම ජින් ඔහුගෙ අතින් අල්ලගෙන නතර කරද්දී නම්ජුන් ඔහු දෙස බැලුවේ දෙබැමි අකුලගෙන ...
" හ්‍යොන්ග් මට එයාව හම්බෙන්න ඕනේ ... ඔයාට වාහනේ ගන්න පුළුවන් ද ...."
ඔහු ජින්ගෙන් අහද්දී ජින් කලේ හරි කියන්න හිස සොලවපු එක ...
ඒ පමාවට නම්ජුන් කඩාගෙන කාමරයෙන් එළියට යද්දී සේජින් ඔහු දිහා දෙබැමිත් ලන් කරගෙන ....
" යහ් යහ් යහ් ... කොහෙද මේ යන්න හදන්නේ .... "
" ඔහ් මිඅං හේ හ්‍යොන්ග් ... අපි ඉක්මනට ගිහිං එන්නම් ... අනිත් අයට මුකුත් කියන්න එපා ...."
නම්ජුන්ගෙ පස්සෙන් ජිනුත් කලබලයෙන් දුවන්න හදනවත් එක්කම සේජින් අහද්දී ජින් පිළිතුරු දුන්නේ කලබලයෙන් මොකද නම්ජුන් ගිහිල්ලාත් ඉවරයි ....
" යහ් කිදාරියෝ .. එයාලගේ ඩෝර්ම් එක තියෙන තැනක් දන්නවද ...."
" යේ ... යේ .... "
ජින් කලබලයෙන් යද්දී සේජින් කාමරයෙන් එළියට ඇවිල්ලා කෑ ගහලා අහපු විදියට අනිත් අයත් හැරිලා බැලුවා ...
" යාහ්හ්හ්හ් .... ආවම ඕවට මට උත්තර දෙන්න වෙයි .... "
ජිනුත් පිළිතුරු දීගෙනම එලියට යද්දී සේජින් කෑ ගහලම කිව්වේ ඔහුට නොකිය හොරෙන්ම ඔවුන් එලියට යන බව තේරුණ නිසයි ....
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹