Episode 20

28 4 10
                                    

                   𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               20

නම්ජුන් ඇමතුම විසන්දි කරලා සෝෆාවේන් නැගිට්ටේ කලබලයෙන්  ....

" වේ නම්ජුනා ... මොකද වුනේ ..."

" හ්‍යොන්ග් ... ජන්ග්කුක්වයි ගායුලාහ්වයි ජොන්ග් යී හ්‍යොන්ග් ට මාට්ටු වෙලා ... "

" ඔත්තොකේ ?? ..."

ඔහුත් එක්ක සෝෆාවේ ඉදගෙන කතා කර කර හිටපු සුගා ගේ ප්‍රශ්ණෙට ඔහු පිළිතුරු දෙද්දී  ඔවුන් ලගට එමින් ගමන් හිටපු ජේහෝප් ඇහුවේ දෙඇස් ලොකු කරගෙන ....

" හ්‍යොන්ග් යද්දී කියන්නම් ... වාහනේ ගන්නවද ඔයා ..."

" දේ දේ .... සුගා හ්‍යොන්ග්  ඔයත් එනවද ..."

නම්ජුන් කලබලයෙන් ඔහුගේ කාමරයට දිව යද්දී සුගායි ජේහෝපුත් දිව්වේ ජැකට් දෙක දාගෙන එන්න .... තුන්දෙනත් එක්ක ඇදගෙන හිටපු ඇදුම් උඩින්ම වින්ටර් ජැකට් දාගෙන හයිබි එකට ආවේ කලබලයෙන් ... ජන්ග්කුක් දැන් හොදටම කලබල වෙලා ඉන්න නිසා ඔවුන්ට ඕන වුනේ පුලුවන් ඉක්මනින්ම මල්ලි ලගට යන්න ....

" හ්‍යොන්ග් ඔයාලා ජන්කුකාහ් ලගට යන්න ... මන් tdh අපාර්ට්මන්ට් එකට ගිහිං එන්නම් ..."

" ක්(අ)රේ ... "

ලිෆ්ට් එකෙන් එලියට ඇවිල්ලා නම්ජුන් tdh අපාර්ට්මන්ට් එකට එද්දී අනිත් දෙන්නා ඔවුන්ගේ අපාර්ට්මන්ට් එකට ආවා ... ඒ යද්දිත් ජන්ග්කුක් හිටියේ පඩියෙ උඩ ඉදගෙන දනහිස් දෙකට ඔලුව තියාගෙන ...

" කුකියාහ් ... අපි ආවා ..."

" හ්‍යොන්ග් ... "

ජේහෝප් නැවිලා ඔහුගෙ උර අල්ලලා කතා කරද්දී ජන්ග්කුක් ඔහුව තදින් වැලදගත්තේ හිතේ දුකටත් එක්කමයි ....

නම්ජුන් ඇවිල්ලා tdh අපාර්ට්මන්ට් එකේ ඩෝර් බෙල් එක ගහද්දී දොර ඇරියේ සියෑන් ... ඔහු ඇයත් එක්කත් හිනාවෙලා ඇතුලට එද්දී සෝෆාවේ ඉදන් හිටපු ලියෑන් ඔහු ලගට ආවම ඔහු ඇගේ උරට අත දාලා ඇගේ නලලත සිපගෙන ඇගෙන් මෑත් වුනා ... දෙන්නා මේ මාස ගාණකින් හමුවුනත් ජන්ග්කුක්ලගේ ප්‍රශ්ණෙ එක්ක ඔවුන්ට සතුටු වෙන්නත් අමතක වෙලා තිබ්බේ .... 

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now