Episode 23

18 4 4
                                    

                     𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                                23

" කේට් .... සරංහේ ...."

ජින් ඇගේ කනට කරලා කියද්දී කේට්ට දැනුනේ මුලු ඇගම හිරිවැටිලා ගියා වගේ ...

" ජින්..ශී ... "

ඇය ඔහුගේ දෙඅත් වලින් ගැලවෙන්න දගලමින් කියද්දී ඔහු ඇය දිහා බලන් හිටියේ දුකින් ..... ඇය තාමත් ඔහුට කතා කරන්නේ පිට කෙනෙක්ට වගේ ....

ඇයට බයටම ඇස් වල කදුලු පිරිලා... මේ වගේ දෙයක් ඔහුගෙන් කොහොමත් බලාපොරොත්තු වුනේ නෑ .... දන්න දවසෙ ඉදන් ඔහු ඇයට සැලකුවේ නපුරුකමින්... එන්න එන්න හොදින් කතා කරත් ඇයට කවදාවත් ඔහු ගැන සමීපව හැගීමක් දැනුනෙ නෑ ...

ජින් තාමත් හිටියේ ඇයව පිටිපස්සෙන් වැලදගෙන .... කේට් ඔහුගෙ දෙඅත් තදින් අල්ලලා ඔහුගෙ අත් වලින් කොහොමහරි ගැලවිලා ඔහු දෙස බැලුවේ ඇස් වල කදුලු පුරවගෙන ... ඇයගේ අත් හොදටම වෙව්ලනවා ඒ සීතලටද බයටද කියලා ඇයටවත් තේරුනේ නෑ ... ජින් බලන් හිටියේ ඇගෙන් පිලිතුරක් ලැබෙනකන් .... ඒත් ඇය ආයෙම ඔහුගෙන් දෙඇස් ගෙන යද්දී ජින් දෙඇස් විසල් කරන් බලන් හිටියේ තමන්ට පිටුපාලා යන කේට් දිහා ...

" කේට් යාහ් .... මන් කිව්ව දේ අහුනේ නැද්ද ...කිදාරියෝ (ඉන්න) ... යාහ් ..."

ඔහු කතා කලත් ඇය නෑසුනාක් මෙන් ගියේ හෙමීට ඇවිදගෙන ... ඇයව තාමත් ගැහෙනවා වගේ ....  

"යාහ්... සරංහන්දාගු ....
සරංහන්දනික්කා ...."

ඔහු හුන්තැනම ඉදලා කේට් නොහිතපු විදියට කෑ ගහලා කියද්දී ඇය නෑසුනාක් මෙන්ම ඇවිදීම වේගවත් කරලා ටෙරස් එකෙන් ඇතුලට යන්න හදනවත් එක්කම ජින් එකපාර ඇවිල්ලා ඇගේ වැලමිට ලගින් ඇදලා ඇයව ටෙරස් එකේ දොරට හේත්තු කරද්දී කෙල්ල ඔහු දෙස බැලුවේ දෙඇස් ලොකු කරගෙන ....

"සරංහන්දාගු .... (I said i love you)"

ඔහු ආයෙම ඇගේ දෙඇස් දෙස බලන් කියද්දී ඇගේ කොපුල් දිගේ කදුලු පේලියක් ගලං ගියේ ඇයටත් නොදැනීමයි ....

" හ්‍යොන්ග් ... "

එකපාර නම්ජුන් ඔවුන්ගේ කන ලගින්ම වගේ කතා කරද්දී ජින් හැරිලා බැලුවේ දෙබැමිත් ලන් කරගෙන ... ඒත් එක්කම දුටු දෙයින් ඔහු ඇගෙන් ඈත් වුනේ හීයක වේගයෙන් ....

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now