Episode 30

13 3 1
                                    

                     𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               30

" සුන්බේ .... "

ඇය ආයෙම ඔහුගෙ අතට තට්ටුවක් දාලා කතා කරද්දී ජින් ඇය දෙස බලලා ලාවට හිනාවුනා ....

" යන්කෝ ... "

ලිෆ්ට් එක ඇතුලට ආවත් ජින්ට හිතාගන්න බෑ කොහේ යන්නද කියලා .... ඔහුට ඉබේටම එබුණේ ඔවුන්ගේ අපාර්ට්මන්ට් ෆ්ලෝර් එකේ බට්න් එක ...ඔහු ලිෆ්ට් එකේ දොරේ වීදුරුවෙන් කේට් දිහා බලද්දී ඇය කාට හෝ කෙටි පණිවිඩයක් ටයිප් කරනවා ...

" මොකද කරන්නේ .... "

" අහ් රූත්ට මැසේජ් එකක් යැව්වා ...."

ඔහුට ඕනවුනේ ඒ කාටද කෙටි පණිවිඩේ යැව්වේ කියලා දැනගන්න ... ඇගේ පිලිතුර සූබින් නොවුන නිසාම ඔහුගෙ මූණට ආවේ හිනාවක්....

කේටුත් මුකුත්ම නොකියා ඔහු එක්ක එද්දී ජින් හිත හිතා හිටියේ මොකක්ද දැන් කියන්නේ කියලා ....

" එන්න ... "

ලිෆ්ට් එකෙන් එලියට ඇවිල්ලා ඔහු ඔවුන්ගේ අපාර්ට්මන්ට් එක ලගට කෙල්ලව එක්කන් ගිහිං නතර වෙද්දී කේට් ඔහු දෙස බලන් හිටියේ කුතුහලයෙන් වගේ ....

" ඇයි මෙහෙට .... "

" ඔයා ඔහොම ඉන්නකෝ ...මන් ඉක්මනට එන්නම් ... "

" අහ් ..... අහ් ක්(අ)රේ .... "

ඔහු හිනාවෙලා කියලා අපාර්ට්මන්ට් එකට යද්දී කේට් bts අපාර්ට්මන්ට් එක ලගින් ටිකක් මෙහාට ආවේ එතන ඉස්සරහා ඉන්න බැරි නිසා ....

" ආශ්ශ්ශ් .... දැන් මොකක්ද කියන්නේ ... අහ්හ් මේ සූබිනාහ් ... උෆ්ෆ්ෆ් ..... "

ඔහු සූබින්ටත් හිතින් බැන බැනම වටපිට බැලුවේ අඩුමගානේ ඇයට දෙන්නවත් මොනවහරි තියෙනවද කියලා ... ඒත් නෑ ... ඒත් එක්කම ඔහුට ඇමතුමක් එද්දී ජින් එයට සම්බන්ද වෙන ගමන්ම ගියේ ඔහුගේ කාමරයට ....

" අහ් නම්ජුනා .... "

" හ්‍යොන්ග් ... මොකද කරන්නේ ... අපි මේ ස්ටූඩියෝ එකේ ඔයා එනකන් ඉන්නවා ..."

" අහ් ක්(අ)රේඒඒඒඒ ... මන් එන ගමන් ..."

" වේ හ්‍යොන්ග් ... ඉස්සෙල්ලත් එන ගමන් කියලනෙ කිව්වේ ... "

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now