Episode 17

18 4 7
                                    

                     𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               17

" යාආආ ...මාව යකෙක් වගේවත් පේනවද ඔයාට ආහ්හ්බ්... කොයි වෙලෙත් මාව දැක්කොත් ඇස් ගැස්සෙනවා ... නැත්තම් බයවෙලා වගේ ඉන්නවා .... මොකද ඒ ... "

" ජින්ශි මන් එහෙම හිටියේ නෑ ...මන් ඔයාට බයත් නෑ ... මේක අරින්න ..."

ජින්ගේ මූණේ හිනා කදුලක් නෑ ඔහු හිටියේ කේට් දිහා බලාගෙනමයි ... ඇය ඔහුට පිලිතුරු දීලා ආයෙම දොර අරින්න යද්දී ජින් ආයෙම දොරට අත තියලා තද කරා ....

" ජින්ශි ... "

" කේට් ... මට කාගෙවත් තරහාකාරයෙක් වෙන්න ඕන නෑ ... මට මේ ෆීල්ඩ් එකේ කවුරුත් එහෙම අයත් නෑ මට එහෙම අය ඕනත් නෑ ... ඒ නිසා ඔයාටත් කියන්නේ ... එදා රෑ අමතක කරන්න .... ක්(අ)රේ?? ...."

" හ්ම් .... දේ ... දේ ... "

" ඔය නපුරුකම ටිකක් අඩු කරගන්න ..."

" මෝව් .... නපුරුකම ?? ....මගේ ?? ..."

ඔහු ආයෙම ඇස් හීනි කරලා කියද්දී කේට්ගෙ දෙඇස් ලොකු වුනේ ඔහු ඒ කියපු දේට ...

" යේ ...යේ ... නෝ ... "

" මන් ද නපුරු ... ඔයයි නපුරු ... දකින දකින වෙලාවේ මට බැනලයි රවලයි මාව බය කරගෙන මන් නපුරුයිලු .... නෝ මිච්චෙස්සෝ ?? .."

" යේ ... "

කේට් දෙබැමිත් ලන් කරගෙන වගේ අහද්දී ජින් පාත් වෙලා ඇගේ මූණේ ඔහුගේ සුසුම් වදින්න තරම් ලංවෙලා පිළිතුරු දීලා ටික වෙලාවක් එහෙමම ඉදලා පස්සට යද්දී කේට් හිටියේ හුස්මත් ඉහලට ඇදගෙන වගේ බලාගෙන ... ඔහු ලං වුණු විදියට ඇයට දැනුනේ එකපාර හදවතත් නතර වෙලා ගියා වගේ ..

" ජල්ගායෝ .... "

කට කොනින් හිනාවෙන ගමන් ඔහු දොර ඇරලා කියලා යද්දී කේට් හුන්තැනම හිටියා විතරයි ... තාමත් ඔහු ඉස්සෙල්ලා ලගටම ආපු විදියට කෙල්ල හිටියේ හොල්මන් වෙලා වගේ ....

" කේට් ... බායී ... "

ඔහු ආයෙම ඔලුව දාලා කියලා හිනාවෙලා යද්දී ඇය බලන් හිටියේ ඔහුට මොකක්ද මේ වුනේ කියලා හිතාගන්න බැරුව ....

" ආශ්ශ්ශ්ශ්.... මොන පිස්සෙක්ද .... "

ලිෆ්ට් එක පැත්තට ඇවිදගෙන යන ජින් දිහා බලාගෙන දොරෙන් එලියට ආපු කේට් කිව්වේ අත මිටිමොලවලා ඔහුට ගහන්න වගේ හදමින් ....

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now