Episode 24

16 4 0
                                    

                      𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               24

" මොන මගුලක්ද ඒ වුනේ ...”

එදෙස බලන් හිටපු ජින්ට කියවුනේ ඉබේටමයි .... ඔවුන් මිතුරන් කියලා දන්නවා වුනත් ඒ එකපාර දැකපු දේට ඔහුගෙ හිත හොදටම රිදුණා ...  හිතේ ප්‍රශ්ණ කෝටියක් තියාගෙන ජින් ආයෙම අපාර්ට්මන්ට් එකට ගියේ ජේහෝප් ආපු වෙලේක අහනවායි කියලා හිතාගෙන ...
.
.

" සුන්බේ කවුරුහරි ලිෆ්ට් එකට නගියි ... මගෙ අත අතාරින්න ... "

ජේහෝප්  අල්ලගෙන ඉන්න විදියට හමත් ඇඹරිලා වගේ තිබුණේ ඇය වේදනාවෙන් අත ඔහුගෙ අතින් බුරුල් කරගන්න දගලමින් කියද්දි පවා ජේහෝප් හිටියේ නිරුත්තර වෙලා වගේ ලිෆ්ට් එකේ දොරේ තියෙන කණ්නාඩියෙන්  කේට් දිහා බලාගෙන ...

" සුන්බේ ... "

ඇය ආයේ ආයේ අත ගලවගන්න උත්සහා කරමින් කිව්වේ floor එකක්පහු වෙන්න වෙන්න ඇගේ හදවත පවා හැගෙන වේගෙ වැඩිවෙන නිසා...

" කටවහගෙන ඉන්නවා ... "

ජේහෝප් එකපාරම කේට් දෙස බලලා කියලා ආයෙම ඉස්සරහා හැරෙද්දී කේට් නිරුත්තර වෙලා ඔහු දිහා බලන් හිටියේ දෙබැමිත් ලන් කරන් ....

ඔවුන් බේස්මන්ට් එකට යනකන්ම කවුරුත්ම ලිෆ්ට් එකට නොනැග්ග නිසා ජේහෝප් කේට්ගෙ අත අතහැරියේම නැහැ ... ඔහු ජිම් බෑග් එකේ තිබ්බ කාර් කී එකත් අරගෙන එය අන්ලොක් කරද්දී කේට් ඔහුගෙන් අත ඇදලා ගත්ත පාර ජේහෝප් බැලුවේ රවාගෙන ....

" සුන්බේ කොහෙද මේ යන්නේ ... එලියෙ හොදටම සීතලයි .... "

" නගින්න ... ගියාට පස්සේ කියන්නම් .."

ඔහු ආයෙම කියලා ජීප් එකේ දොර ඇරලා ඇයව ඇතුලට බලෙන්ම වගේ දැම්මේ ....

ඔහු කෙලින්ම ආවේ හං ගග ලගට ... එලියේ ලාවට හිමවැටෙනවා .... වෙනදටත් වඩා පුදුම තරම් සීතලයි ... ඒ නිසාම හං ගග ලග කවුරුත්ම නැහැ .... ඔහු කැප් එකක්වත් නොදා හූඩ් එකෙන් විතරක් ඔලුව වහගෙන  ජීප් එකෙන් බහිද්දී කේටුත් බැස්සා ....

" සුන්බේ කතා කරන දෙයක් වාහනේ ඇතුලට ගිහිං කතා කරමු .... "

ඇය වින්ටර් ජැකට් එකකුත් දාගෙන හිටියත් සීතල දරාගන්නත් අමාරුයි වගේ .... ඒත් ජේහෝප් ඇයව නෑසුනාක් වගේම පාලමේ යකඩ වැට ලගටම ගිහිං ගග දිහා බලන් ඉද්දී කේටුත් ඔහුගේ එහාපසින් හිටගෙන බලන් හිටියේ වෙන්නෙ මොනවද කියලවත් හරියට පැහැදිලි නැති නිසා ....

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now