Episode 09

17 4 3
                                    

                   𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               09

ජන්ග්කුක් ඉදගත්ත ගමන්ම වගේ ඔහුගේ මාස්ක් එක ගවලා අතට අරගනිද්දි ගායුල් ඉක්මනින්ම වටපිට බලන්න ගත්තේ හොදටම බයවෙලා .... කවුරුහරි එක්කෙනෙක් දැක්කොත් ඇති ලෝකෙ වටේම ප්‍රවෘත්තියක් වෙලා පැතිරෙන්න ...

" සුන්බේ .... ඕක දාගන්න ... "

" අයියෝ මේ කරුවලේ කාටවත් පේන්නෑ අනේ ....
සීත කාලේ නිසා වැඩිය අය එන්නෙත් නෑ ....
ඔයත් ගලවගන්න ... "

ජන්ග්කුක් හිනාවෙලා කියලා එකපාර ලොකු හුස්මක් ඉහලට ඇදලා ගත්තේ දෙඇස් පියාගෙනමයි ....

" ගොඩක් කාලෙකින් බීච් එකට ආවේ ...
මන් ගියපාර එද්දි නම් තනියම ආවේ ... "

භාවනා කරන්න වගේ කකුල් දෙක හරහට තියෙන විදියට වැලමිට කකුල් උඩ තියාගෙන මුහුද දිහාම බලාගෙන ජන්ග්කුක් කියලා ආයෙම අවසන් වචන ටික කියද්දී ගායුල් දිහා බලලා හිනාවුනා ...

ඒත් එක්කම වගේ ඔහුගෙ දෙඇස් ගියේ ඔවුන්ට දකුණු පසින් ටිකක් ඈතට වෙන්න නිදහසේ මුහුදු රැල්ල පාගන ආදරවන්තයෝ දෙදෙනෙක් දිහාවට .... ඇසුත් හීනි කරගෙන බලාගෙන ඉන්න විදියට ගායුල් හැරිලා ඔවුන් දෙදෙනා දිහා බලන් හිටියා .... තරුණයා තරුණියව ඔසවගෙන එකපාර වටයක් කැරකෙද්දී ඇය කෑ ගහපු විදියට ඔවුන් දෙදෙනාටත් ඒ කෑ ගැහිල්ල ඇහුණා ... ජන්ග්කුක්ට නම් හොදටම හිනා ... ඔහු හිනාවෙවීම බලාගෙන ඉදලා ලොකු සුසුමක් පිට කරද්දී ගායුල් ඔහු දිහා බැලුවේ දෙබැමිත් ලන් කරන් ...

" වේ .... "

" අනී ... "

" සුන්බේ ... මොකද වුණේ .... "

" මටත් ආසයි නිදහසේ ඇවිදින්න ... මේ මාස්ක් හැට්ස් මුකුත්ම නැතුව අර විදියට නිදහසේ ... "

" ඉතින් මෙහෙ හරියේ කවුරුත් නෑනේ අපි මේවා අයින් කරලා ඇවිදිමු .... "

ගායුල් හිනාවෙලා වගේ කියද්දී ජන්ග්කුක් අසරණ විදියට හිනාවෙලා ඉක්මනින්ම මාස්ක් එක දාගත්තේ තරුණ කපල් එකක් වෙරලේ දිගේ ඇවිදගෙන ඔවුන් දෙසට එන නිසා ....

" එහෙම කරන්න බෑ ගායුල් ....
එහෙම කරන්න නම් කොරියාවේ ඉන්න හැමෝම අතුරුදන් වෙන්න ඕනෙ ...
කොයි වෙලේ ගොසිප් සයිට් එකකින් අපිව ෆලොව් කරයිද කියලා බයෙන් මන් ඉන්නේ ... ඒ නිසා කවදාවත් එහෙම ඉන්න පුලුවන් වෙන එකක් නෑ කොරියාවේ .... "

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now