Episode 16

17 4 2
                                    

                      𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               16

ඇය තත්පර ගාණක් ඔහුගෙ දෙතොල් බලෙන්ම සිප ගන්න ඇති ....

නම්ජුන් ඔහුගේ ඔලුව පිටුපස තියෙන ඇගේ අත අයින් කරගෙන ඔහුගේ මූණ එහාට ගනිද්දී ලියෑන් පියවෙන ඇස් වලින් ඔහු දිහා බලාගෙන ඉදලා ඔහුගෙ පපුවට ඔලුව තියාගත්තා .... නම්ජුන් හිටියේ වේගයෙන් හුස්ම ගන්න ගමන් ඇය සිපගනිද්දී ඔහුගෙ හුස්ම හිර වෙලා වගේ තිබ්බේ ...

" ආශ්ශ්ශ්ශ් ..... "

ඔහු කටෙන් හුස්ම පිඹලා ඔලුව දෙපැත්තට ගසමින් කෑ ගැහුවේ ඇගේ කටින් දැනුනු සැර මත්පැන් ගතියට ඔහුගෙත් ඔලුව විකාර වෙලා වගේ ගිය නිසා ...

" යහ්හ් ලියෑන් ... මොන මගුලක්ද ඒ වුනේ ..."

ඇය ඔහුව වඩා හොදටම කොටයි ... ඇය හිටියේ ඔහුගේ පපුව ලගට විතර ... ඔහු ඇයව අල්ලගෙන මුහුණට තට්ටු කරමින් කතා කරද්දී ඇගේ ඔලුව තිබ්බේ බිමට පාත්වෙලා ...

" අහ් වට් ද ෆ් .... "

ඔහු කියන්න ගිය දේත් ගිලගෙන ඇයව හරහට ඔසවගෙන ගියේ සෝෆාව ලගට ... යූවී හතරගාතේ දාලා හොදටම නිදි ... නම්ජුන් ලියෑන්වත් ඔසවගෙනම කාමර දිහා බැලුවේ ඇයව කොහෙන් තියන්නද කියලා හිතාගන්න බැරුව ...

" කෝ ජේකේ ....
ශිකේ මටත් වෙච්ච දේ ... "

ඔහු වටපිට බලමින් කියලා අවසන් වචන කීපය කිව්වේ ලියෑන් දිහා බලාගෙන ... එතන මේසෙ උඩ ජන්ග්කුක්ගේ දුරකථනයත් තිබුණා ... ඒක දැකපු ගමන් නම්ජුන්ට ජන්ග්කුක් එක්ක ආවේ කේන්තියක්  ... 

කාමර වලට යන්න බැරි නිසාම ඇයව අනෙක් සෝෆාවෙන් තියද්දි නම්ජුන්ට බැලුනේ ඇගේ දෙතොල් දිහා ....

" උෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ් .... "

ඔහුට කට කොනට හිනාවක් එද්දී ඔහු නලල දෙපැත්ත පිරිමදිමින් කියලා සෝෆාවෙන් ඉදගත්තේ ලියෑන්ව මෙහෙම මෙතන කොල්ලෙකුත් ඉන්න තැන දාලා යෑම නුසුදුසු නිසා ....
.
.
.
උදේ පාන්දර ලියෑන්ට නැගිටුනේ ආපු ඔලුව කැක්කුමට ....

" අහ්හ්හ් ... ඔලුව .... "

දෙඇස් පියාගෙනම ඇය ඔලුවත් අල්ලගෙන කියද්දී සෝෆාවේ ඉදගෙනම නින්ද ගිහිල්ලා තිබුණු නම්ජුන්ව නැගිටුනේ සද්දෙට ...

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now