Episode 40

16 3 2
                                    

                        𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                                40

ඇය ලියෑන්ගෙ දෙඇස් දෙසම බලන් අහද්දී ලියෑන්ට එකපාරම බැලුනේ කේට් දිහා .... ඇයත් හොදටම බයවෙලා බලන් ඉන්නවා .... ඒ කියන්නේ ලියෑන් ???.....

" ඇ...ඇයි ඩොක්ටර් එහෙම අහන්....නේ..."

ලියෑන් හොදටම බයවෙලා ... ඇයට බයටම වෙව්ලනවා වගේ දැනුනෙ .... වෛද්‍යවරිය අදහස් කරනවා වගේ දෙයක් නම් වෙලා තියෙන්න එපායි කියලා ලියෑන්ට හිතුනේ  .....

" ලියෑන් මට උත්තර දෙන්නකෝ ... "

ආයෙම ඇය අහද්දී ලියෑන් ඇස් වල කදුලු පුරවගෙන ඔව් කියන්න ඔලුව සොලවද්දී වෛද්‍යවරියට දෙඇස් පියවුනේ ඉබේටමයි ...

" මන් හිතන දේ හරි නම් ඔයා ප්‍රෙග්නට්...."

ඇය ආයෙම කියද්දී ලියෑන්ට හොදටම ඇඩෙන්න ගත්තේ මේ වෙලාවේ දරුවෙක්ව කොහොමත් බලාපොරොත්තු වෙන්න බැරි නිසා ....

" ලියෑන් අඩන්න එපා ... අපි හරියටම බලමු ... මන් ඉක්මනට එන්නම් .... "

ඇය ඇදෙන් නැගිටලා කියද්දී ලියෑන් ඉක්මනින් ඇගේ අතින් අල්ලගත්තේ ඇයට යන්න බැරි වෙන්න ...

" ජොන්ග් යීශී ට කියන්...නද යන්...නෙ .."

" අනී ... අපි මුලින්ම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරමු ... මන් ලග දැන් ඒකක් නෑ ... මන් ඉක්මනට අරන් එන්නම් .... "

ජොන්ග් යී ට කිව්වා නම් ඔහු මොනදේ වුනත් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් යවලා ගෙන්නනවා ... ඒත් ඊටකලින් සැකය තහවුරු කරගෙන ඉන්න ඕනෙ කාවවත් කලබල නොකර.... ඒ නිසාම වෛද්‍යවරිය ෆාමසියකට ගියේ ජොන්ග් යී ට බොරුවක් කියලා ....

" කේට් ... ම...න් මොක...ද කරන්නෙ ...."

ලියෑන් හොදටම අඩනවා හුස්මත් හිරකරගෙන ... කේට් වචනයක්වත් කතා කරන්නේ නෑ ඇය ලියෑන්ගේ ඔලුව අතගගා ඉන්නවා විතරයි .... ඉස්සරහට මොනවා වෙයිද කියලා කේට් කල්පනා කර කර හිටියේ .... ලියෑන් අඩ අඩම අහද්දී කේට් හරි සිහියට ආවේ ....

" ලියෑන් ... අඩන්න එපා .... ඉස්සෙල්ලම අපි ටෙස්ට් එක කරලා ඉමු .... "

" ආයේ කරන්න දෙයක් නෑ කේට් .... ඩොක්ටර් අහපු විදිය ... අනිවාර්යයෙන් මට ..... අනේ මට බයයි කේට් .... අනේ මන් මොකද කර...න්නේ .... "

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now