Episode 48

9 3 4
                                    

                       𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               48

" ජිමිනාහ් .... ඊලෝනා .... මීටින් එකට යන්න ඕනෙ .... "

ජේහෝප් ආවේ ජිමින්ව නැගිට්ටවන්න හිතාගෙන .... ඒත් බලද්දී පොඩ්ඩෝ තුන්දෙනා එකිනෙකාව බදාගෙන හොදටම නිදි .... ඊයෙ රෑත් කියව කියව ඉදලා පරණ කොන්සර්ට් එකක් බලලා හරියට නිදාගත්තෙත් නැති නිසා නැගිට්ටවන්න ලෝභ හිතුණත් ජේහෝප් ජිමින්ට තට්ටු කරේ අනිත් දෙන්නත් හිරිහරිමින් නැගිටිද්දී ....

ජේහෝප් අනිත් තුන්දෙනාව අරගෙන එද්දී ජින් සහ සුගා කෑම මේසෙ පිලියෙල කරනවා .... නම්ජුන් පොත් ගොඩකුයි කොල ගොඩකුයි තියාගෙන මොනවදෝ ලියනවා ....

" අහ් ආවද .... ඉදගන්න .... ඉදගන්න ... යාහ් නම්ජුනාහ් ඕක පැත්තකින් තියලා එනවා .... "

ජින් සුගා ගෙනාපු බීෆ් පෙති ප්ලේට් එක මේසෙට තියමින් කෑ ගහද්දී වී ජන්ග්කුක්  මේසෙන් ඉදගත්තේ හිරි අරිමින් ....

" ජිමිනි පබෝ ... මොකද මේ මූණෙ හැටි ...."

සුගා ජිමින්ගේ කොපුලක් මිරිකමින් ඇහුවේ  මූණ රතුවෙලා ඇස් ඉදිමිලා තියෙන නිසා...

ඔහුගෙන් ඒත් පිලිතුරක් නෑ ... ඔහු පුටුවක් ඇදලා ඉදගෙන වතුර වීදුරුවක් බොන්න ගනිද්දී ජේහෝප් සුගා ජින් මූණට මූණ බලාගත්තේ දුකින් .... වෙනදට පොඩි ලමයි වගේ කෑ ගහන පොඩ්ඩෝ තුන්දෙනාම අද හොදටම දුකින් .... නම්ජුනුත් වැඩ නවත්වලා කෑම මේසෙට ආවම හත්දෙනාම කන්න ගත්තේ කිසිම කතාබහක් නැතුවමයි ....

ජින් හිටියේ මේසේ අයිනෙම නිසා ඔහුට හැමෝවම හොදටම පේනවා .... ඔහු හැමෝම දිහා ඇස් හීනි කරන් බලන් හිටියේ බිම බලාගෙන ඔහේ කන විදිය ....

" යාහ්හ්හ්හ් යුන්ගියාහ් .... ඔහොම කෑම කටේ පුරවගෙන කන්න එපා .... අර්ර්ර් .... ඌරෙක් වගේ .... "

සුගා හිටියේ පාඩුවේ කෑම කකා .... ඒත් ජින් කෑ ගහලා කියපු විදියට ඔහු ජින් දිහා බලද්දීම ජින් ඇස් ලොකු කරනවත් එක්කම සුගා චොප්ස්ටික් වලට මැදි කරන් හිටිය රාමේන් ටිකම කටට ඔබාගත්තේ අනිත් අය බලන්නත් කලින්මයි ...

" යාහ් හ්‍යොන්ග් මොකද ඔය කන විදිය ...."

හොබීටත් තේරුණා දෙන්නා මෙහෙම කරන්නේ අනිත් අයව හිනස්සන්න කියලා ....

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now