𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
06තවත් විනාඩි දහකින් විතර කාමරයට ආවේ ජොන්ග් යී එක්ක trainee-A ලග මැනේජර් ... ඊට පස්සේ ආවේ bts ලා හත්දෙනාම එකට .... ඔවුන් ආපු ගමන්ම
වගේ හැමෝම නැගිටලා ආචාර කරලා ඉදගනිද්දී ඔවුනුත් ඉස්සරහා තිබුණු පුටු හතින් ඉදගත්තම මැනේජර්ස්ලා දෙන්නත් ඇවිත් තමන්ගේ ටීම් දෙක ලගින් ඉදගත්තා ....ඊයේ දවසෙම ජින්ගෙන් මූණ හංගගෙන හිටිය නිසාම කේට් ඔහු දිහා හොරෙන් බලලා ආයෙම බැලුවේ ආර් එම් දිහා ඔහු ස්පීච් එක දෙන්නත් පටන් අරං ... ජේහෝප්ට කේට්ව දැකලා එකපාර හිනාගියේ ඊයෙ කෙල්ල කකුලක් පැන්ට්රියේ උඩින් තියාගෙන ඉදලා එකපාර බයවෙලා කකුල පහලට ගත්ත විදිය මතක් වෙලා ....
" හ්යොන්ග් ... මොකද ... "
හිනාව තද කරගෙන ඉන්න ජේහෝප්ගෙන් ජිමින් ඇහුවේ ඔහුගේ කනට කරලා හොදටම හඩ බාල කරලයි ....
" ඊයෙ මන් කිව්වේ .... අන්න ඒ ගර්ල් අර ඉන්නේ ... කලුපාට දිග කොන්ඩෙ තියෙන කෙනා ... "
ආයෙම ජේහෝප් හිනාවෙලා කියද්දී ජිමින් හිනාව තද කරගෙන හිටියේ ඊයේ අපාර්ට්මන්ට් එකට ආවට පස්සේ ජේහෝප් හිනාවෙවී කිව්ව විදිය මතක් වෙලා .... ජේහෝප්ට වම්පැත්තෙන් හිටපු ජින්ටත් ඒ කියපු එක ඇහුණ නිසා ඔහුත් ඒ පැත්ත බැලුවෙ නිකමට වගේ ...
ඇයව දැක්කම ජින්ට එකපාර මතක් වුනේ ඇස් පොට්ටයෙක් වගේ ඇවිල්ලා ඇගේ වැදුණ විදිය ... අපාර්ට්මන්ට් එකට ගිහිං බලද්දීත් පපුවේ ඒ හරිය රතුපාට වෙලා තිබ්බා ... ඒක මතක් වෙද්දී ජින්ගේ අත පපුවට ගියේ ඒ වැදුණු පාරෙ සැර ආයෙම මතක් වෙද්දී .....
හැමෝම හිටියේ ආර්එම් ගේ කතාවට ඇහුම්කන් දීගෙන .... ඔවුන් මෙ තැනට ආ හැටි, ඒ එනකොට ආව හැල හැප්පීම් ... හැමදෙයක් ගැනම ඔහු කතා කරා ... ඔහුගේ කතාවෙන් පස්සේ ඊලගට කතා කරන්න ගත්තේ ජේහෝප් .... ඔහු නර්ථනය ගැන කතා කරන්න ගනිද්දී ටීම් එකේ දැනට ඉන්න මේන් ඩාන්ස්සර්ස්ලා දෙන්නට නැගිටින්න කියද්දී tdh එකෙන් ගායුලුත් trainee A එකේ JJ ත් නැගිට්ටා ....
මෙතෙක් වෙලාවක් බිම බලාගෙන හිටපු ජේකේ ඔලුව ඉස්සුවේ ඒ වෙලාවේ .... ඔහුට කෙලින්ම ඇහැ ගියේ ගායුල්ට ... ඕවර්සයිස් කම්සයට පැච් ඩෙනිමක් ඇදලා කොන්ඩෙ කඩලා දාලා ඉන්න කෙල්ලව දකිද්දී එකපාර ජේකේට දැනුනේ එයාගේ හදවතේ බෙල් එක වැදුණා වගේ .... කොල්ලට මතකෙට ආවේ එයා බලපු ජපන් ඇනිමේ එක ..... ඒකෙ එයාගේ ගර්ල්ව හොයාගන්නේ හදවතේ බෙල් එකක් වදිනවා වගේ දැනෙනවා ඒ උරුමක්කාරී ආවම ... ඉතින් ඒ විදියටම දැන් ජේකේට වුනා වගෙයි ඔහුට දැනුනේ ....
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
Fiksi PenggemarJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹