𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
42" හ්‍යොන්ග් .... මන් ඩිස්බෑන්ඩ් වුන ගමන් ගායුලාහ්ව බදින....වා .... නැත්...තම් හ්‍යොන්ග් කරා වගේ...ම මාත් කරනවා ... "
ජන්ග්කුක් ඇසුත් වහගෙන කියද්දී නම්ජුන්ටත් හොදටම හිනා .... ජේහෝප් බිම පෙරලි පෙරලි හිනාවෙද්දී ජිමින් ජන්ග්කුක් කියන ඒවා වීඩියෝ කරන්න ගත්තේ හෙට උදේට වෙරි හිදුනම ඔහුට පෙන්නන්න හිතාගෙන ....
In the morning ~
නම්ජුන් උදේ නැගිට්ට්න ගමන් ගියේ ඔහුගේ Hannam the hill වල ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකට .... අම්මලා මග එන ගමන් නිසා ඔහු ශීතකරණය පිරෙන්න බඩුයි තව උයන පිහින බඩු ටිකකුත් ගෙන්නුවේ කොහොමත් අම්මලා වෙඩින් එකට වෙනකන් ඉන්න ඕනෙ නිසා .....
අම්මලා එද්දී උදේ දහයත් පහු .... ගිය අවුරුද්දේ නොවැම්බර් වල දැක්කට පස්සේ මේ අදයි දකින්නේ ... ඔහු මුලින්ම කලේ අම්මව තාත්තාව සහ නංගිව තදින් තුරුල් කරගෙන පිලිගත්ත එක ....
" ඔම්මා ඔයාලගෙ රූම් සේරම රෙඩි .... ගිහිං චේන්ග් කරන් එන්න මුලින්... ඊටපස්සේ කතා කරමු .... "
" ඔප්පා .... බඩගිනියි ... "
නම්ජුන් සෝෆාවෙන් නැගිටින ගමන් කියද්දී නංගි මූණත් හකුලගෙන කියපු විදියට ඔහු ඇය දිහා බලන් ඉදලා කොන්ඩෙ අවුල් කරගෙන ගියේ ලෑන්ඩ් ලයින් එක ලගට ...
" මන් කෑම ඕඩර් කරන්නම් ... ඔයාලා වොශ් දාලා එන්න ... "
ඔහු ඔහුගෙ දුරකථනයෙන් කෑම තෝරලා ලෑන්ඩ් ලයින් එකෙන් පීසා හට් එකටයි තවත් හෝටලයකටයි ඇමතුම් අරගෙන උදේ කෑමයි දවල් කෑමයි දෙකම ඕඩර් කලේ එකපාරමයි ....
අම්මලා ලෑස්ති වෙලා එද්දීත් උදේ කෑමට ඕඩර් කරපු පීසා සහ අනෙක් පොඩි පොඩි ස්පයිසි ෆුඩ් චිකන් නගට්ස් කෝක් ඔක්කොම ඇවිත් තිබුණේ .... නම්ජුන්ම කෑම මේසෙ පිලිවෙලට කෑම ටික අසුරලා බලන් හිටියේ අම්මලා එනකන් ....
" නම්ජුනාහ් .. දැන් කියන්නකෝ බලන්න මොකක්ද ප්‍රශ්නේ කියලා .... "
කෑම කාලා ඉවර වෙලා සාලෙට ආවම තාත්තා අහද්දී නම්ජුන් ඔහු දෙස බැලුවේ දෙඅත් වල ඇගිලි එකිනෙකට පටලවගනිමින් ....
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
Fiksi PenggemarJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹