𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
46හෝටලය යාමටත් නොහැකි නිසාම ඔවුන් පැමිණියේ නම්ජුන් විසින් අලුතින්ම මිලදී ගත්ත Seoul forest trimageහී දෙමහල් අපාර්ට්මන්ට් එකට ....
දෙන්නම අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ටිකක් රෙස්ට් කරලා නාගත්තේ එකටමයි ....
ඇගට තෙහෙට්ටුවක් දැනෙන නිසා ලියෑන් බෙඩ් බෝර්ඩ් එකට හේත්තු වුනේ වතුර වීදුරුවක් බොන ගමන් .... නම්ජුන් හිනාවීගෙනම කොන්ඩෙ පිහිද පිහිද ඇවිල්ලා මෙට්ටෙට දනහිස් තියාගෙනම ලියෑන් ලගට ඇවිල්ලා තුවාය ලියෑන්ගේ කොන්ඩේ වැහෙන්න දාලා හෙමීට පිහිදාන්න ගත්තේ තාමත් වතුර බිංදු ලියෑන්ගේ කොන්ඩෙන් වැටෙන නිසා...
" හරියට කොන්ඩෙ පිහිදගන්න බැරි නම් හෙයාර් ඩ්‍රයර් එක අරගෙන කොන්ඩෙ වේලගන්න දන්නෙ නැද්ද ම්ම්ම්.... අසනීප වෙන්න ඕනෙද .... "
" පිහිදැම්මා අනේ .... කෝ ඉදගන්නකෝ .... ඇති .... "
ලියෑන් නම්ජුන්ගේ අතින් අල්ලගෙන ඔහු දිහා බලන්න හදමින් කියද්දී නම්ජුන් ඇගේ උරට අත තියලා ආයෙම ඇයව හරවලා කොන්ඩේ හෙමීට පිහිදාන්න ගත්තා ....
" මහන්සිද .... "
" ....... අනී ..... අද සතුටින් නිසා මහන්සි නෑ ...."
ඇත්තටම ලොකු තෙහෙට්ටුවක් දැනුනත් ලියෑන් හිනාවෙලා නම්ජුන් දිහා බලලා කියද්දී ඔහු කිසිවක් නොකියාම ඇදෙන් බැහැලා ගිහිං ආයෙම විනාඩි කීපයකින් ආවේ පලතුරු කෑලි කපපු පිගානකුත් අරගෙන ....
" ම්ම්ම් කන්න .... "
නම්ජුන් ගෑරැප්පුවට ඇපල් කෑල්ලක් අල්ලලා ලියෑන්ගේ කටට ලං කරලා කියද්දී ලියෑන් ඇපල් කෑල්ල කෑවේ හිනාවීගෙන ඔහු දිහා බලාගෙන ...
" වේඒඒ .... "
" අනීයා .... මුකුත් නෑ .... "
ලියෑන් හිනාවීගෙන කියද්දී නම්ජුන් ආයෙම ඇයට පලතුරු කවන්න ගත්තේ කල්පනා කරමින් ....
" ලියෑන් .... "
" ම්ම්ම්....."
" ඔයා දැන් මගෙ වයිෆ් නෙ .... "
නම්ජුන් ඩිම්පල් පේන්නම හිනාවෙවී කියද්දී ලියෑන් ඔහු දිහා බැලුවේ ඇස් හීනි කරගෙන .... ඔහු තනියම හිනාවෙනවා ...
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹