𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
08Bts ලා පර්ෆෝමන්ස් එකෙන් පස්සේ ලයිව් ටෝල්ක් ශෝ එකකට හිටපු නිසාම බැකප් ඩාන්ස්සර්ස්ලා හැමෝම ආයෙම ඇදුම් මාරු කරගෙන තම තමන්ගෙ නිවෙස් වලට යද්දී ට්රෙයිනීස්ලා දෙගොල්ලොම ඔවුන්ගේ වාහන වලින් හයිබි එකට ගියා ....
ලයිව් talk show එක ඉවරවෙලා bts මෙම්බර්ස්ලා හත්දෙනාම ඇදුම් මාරු කරගන්න ආවේ අපාර්ට්මන්ට් එකට යන්න කලින්මයි .... ජේකේ වී සුගා ආපු ගමන්ම සෝෆා එකේ වාඩිවෙලා කකුල් විහිදගෙන හිටියේ ඇගට තෙහෙට්ටුවක් දැනෙන නිසා ....
අනිත් හතර දෙනා නම් ඇදුම් මාරු කරන්න ගියේ එකපාර ඇදුම් මාරු කරගෙන ඉන්න එක ලේසි නිසයි ....
" හ්යොන්ග් ...."
" දේ ... "
සපත්තු ගලව ගලව ඉන්න ජින්ට නම්ජුන් කතා කරද්දී ඔහු හිස ඔසවලා බලලා අහලා ආයෙම සපත්තු ගලවන්න ගත්තා ...
" අද ඇදුම පොඩිවෙලා තිබ්බා නේද උඩ හරිය ....
ඔයාගේ ඇදුම් සිලෙක්ට් කලේ කවුද .."නම්ජුන් එකපාර දෙයක් මතක් වෙලා වගේ අහනවත් එක්කම පැත්තක ඉදගෙන මේකප් රිමුව් කරමින් හිටිය ජිමින් එකපාර හිනාවෙන්න ගනිද්දී හැමෝම ඔහු දෙස බැලුවේ දෙබැමිත් ලන් කරගෙන ...
" ජින් හ්යොන්ග් කෙල්ලෙක්ව බදාගත්තනේ ... ඒකයි ඒ එහෙම වුනේ ..."
" අහ් ... ඒ කාවද .. "
ජේහෝපුත් ඇස් ලොකු කරලා අහද්දී ජින් ජිමින් දිහා බලලා සපත්තු දෙකම ගලවලා විසික් කරලා ආයෙම බැලුවේ නම්ජුන් දිහා ...
" අර tdh එකේ කෙල්ලෙක් ...
එකපාර ඇවිල්ලා ඇගේ වැදුණා ..."" යේ යේ ... එතකොට වැටෙන්න යද්දී මන් දැක්කා හ්යොන්ග්ගේ අත මේන් මෙහෙම ගියා ..."
ජින් කියනවත් එක්කම ජේහෝප්ගේ ඉනවටේ අත දාලා ජිමින් කියද්දී ජින් හිටියේ ඇත්තටම තරහා ගිහිං ... ඔහු කොහොමත් කෙල්ලෝ ජෝඩු කරන ඒවට කැමති නැහැ ...
ඒත් ජිමින් හිනාවෙවී රගපපා කියපු විදියට ජේහෝප්ටත් හිනා ...
" ජිමිනා ... එයාව වැටෙන්න ගියා මන් ඇල්ලුවා එච්චරයි ... මන් කැමති නෑ ඕවට දන්නවනේ ... ඒ නිසා විකාර විහිළු කරන්න එපා ... මන් ඔයාට වඩා වැඩිමල් ... අරස්සෝ ... "
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹