𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
14" වේ .... "
සෝෆාවේ ඉදගෙන තනුවක් හද හද හිටපු සුගා ,ජේහෝප්, නම්ජුන් තුන්දෙනාම ඔහු ලගට දුවගෙන ආවේ කලබලයෙන් ....
" මේ .... "
" වට් ද හෙල් .... "
වී නම්ජුන් ට දුරකථනය පෙන්වමින් කියද්දී ඔහුගේ කටින් ඒ වචන ටික පැන්නේ ඉඹේටමයි ....
" හ්යොන්ග් මොකද වුනේ .... "
" යාආආආ මොකද පාබෝ කෑ ගහන්නේ ..."
ජන්ග්කුක් ජින් දෙන්නත් දුවගෙන එන ගමන් අහද්දී අනිත් තුන් දෙනාගේ ඇස් උඩ ගිහිං තිබ්බේ ...
" හ්යොන්ග් .... මේ ... "
නම්ජුන් ජන්ග්කුක් දිහත් බලලා ඔහුට දුරකථනය දෙද්දී එකපාර දැක්ක දෙයින් ජින් ට දැනුනේ හුස්ම ගියා වගේ ...
" අහ්හ්හ්හ් .... මේ මමනේ ... "
Bighit trainee Ket (21) and BTS Jin (29) are dating!
ඒකේ තිබ්බේ එහෙම .... ඔවුන් දෙදෙනාගේ ඡ්ායාරූප දෙකකුත් එක්ක ලොකු විස්තරයක් දාලා .... දැනට ඒ පෝස්ටුව පළවෙලා විනාඩි හතක් අටක් වගේ ගිහිං තිබුණේ ... ඒ ටිකට කමෙන්ට්ස් 20k පැනලා ....
ජින්ගෙ ඇස් වල කදුළු පිරිලා ... අනිත් අයටත් හිතාගන්න බෑ ඒ මොකක්ද වුනේ කියලා ....
" මොන මගුලක්ද මේ ....
ඇයි මං ගැන...... "ජින්ට කටින් වචනත් පිට වෙන්නෑ වගේ .... ඔහු හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරුව .... ජින් හැමදාමත් අනිත් අයටත් කිව්වේ Gosip media වලින් පරිස්සම් වෙන්න කියලා .... ඒත් අද ඔහු ගැනම බොරු පෝස්ටුවක් පලවෙලා .... ඒත් ඒක ඇත්තක් නම් හිත හදාගන්න හරි තිබුණා ...
නම්ජුන් දුරකථනය අතට අරගෙන අනිත් අයටත් ඇහෙන්න විස්තරය කියෙව්වා .... මේ වෙනකොට මාස හතක ඉදන් දෙන්නා දින ගත කරනවා වගේම hybe එකත් ඒ ගැන දැනුවත් කියලා දාලා තිබුණේ ....
ඒත් එක්කම ජින්ගේ සහ නම්ජුන් ගේ දුරකථනවලට ඇමතුම් වගේම හෝ ගාලා මැසේජ් එද්දී ජින් දුරකථනය vibrations on කරේ මේ වෙලාවේ මේවට උත්තර දෙන්න තරම් හොද සිහියකින් ඔහු නොමැති නිසයි ....
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹