𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
25" මිඅං හේ .... "
" අනී ජින්ශී .... ඒකට කමක් නෑ ..."
" කුමාවෝයෝ ..... "
ඇය හිනාවෙලා කියද්දී ජින් හිනාවෙලා ඇගේ හිස අතගාමින් කියලා ඔහුගේ කාමරයට යද්දී ජේහෝප් බලන් හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරුව වගේ .....
හැමෝම හිටියේ පුදුම වෙලා වගේ .... ඔහු කියූ දේ කේට්ට හිතට සහනයක් වුනත් ඇයට පොඩි අපහසුතාවයකුත් දැනුනා .....
ජිමින් ඔහුගෙ එහාපැත්තේ වාඩිවෙලා හිටපු ජේහෝප් දිහා බලද්දී ඔහු හොරැහින් ජිමින් දිහා බලලා ආයෙම දුරකථනය දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තේ වෙච්ච දේ ගැන .... හිතට අමුතුම සතුටක් දැනුනත් ඔහුට ආයෙම හිතට ආවේ ප්‍රශ්ණයක් .... කේට්ට ප්‍රකාශ කරපු ආදරේ ඇයි ජින් හ්‍යොන්ග් ආයේ ගත්තේ ??...
" මන් ටිකක් කාමරයට ගිහිං එන්නම් ... ඔයාලා කතා කරන්න .... "
නම්ජුන් ටිකක් බලාගෙන ඉදලා නැගිටලා ආවේ ජින් සහ සුගාගේ කාමරයට ... ඔහු කාමරේ නැහැ ....
" හ්‍යොන්ග් .... හ්‍යොන්ග් ... "
" යේ නම්ජුනාහ් ..... "
නානකාමරයේ දොරට දෙපාරක් විතර තට්ටු කරලා නම්ජුන් කතා කරද්දී ජින් ඇවිත් දොරේ අගුල කරකවලා ආයෙම ඇතුලට ගිය නිසා නම්ජුනුත් ඇතුලට ආවා ...
" හ්‍යොන්ග් ... ඔයා හොදින්ද ..."
" යේ නම්ජුනහ් ... මට ප්‍රශ්ණයක් නෑ ..."
ජින්ගෙ මූණ රතුවෙලා ... බැලූ බැල්මට පේනවා ඔහු අඩලා කියලා ... ඔහු ඒත් ආයෙම මූණ හෝදගෙන හිනාවෙලා කියද්දී නම්ජුන්ට සුසුමක් පිටවුනේ ඉබේටමයි ....
" නම්ජුනාහ් ... හොබියා මුකුත් කතා කලේ නැද්ද .... "
" අනී හ්‍යොන්ග් .... "
" ම්ම්ම්ම් .... එයා කේට් දිහා බලන්නෙත් නෑ .... ඒ දෙන්නව කොහොමහරි එකතු කරන්න ඕනෙ ..."
" අපි ටිකක් බලමු හ්‍යොන්ග් ... එන්න එලියට යන්කෝ දැන් .... "
ජින් ලාවට හිනාවීගෙන කියද්දී නම්ජුන් කිව්වේ ඔහුගෙ උරට අත තියලා ... දෙන්නත් එක්ක ආයෙම ඇවිත් සෝෆාවෙන් ඉදගත්තම ජින් දුකින් හිටියත් ඔහු එක එක දේවල් කිය කිය විහිලු කරන්න ගත්තේ ඔහු හොදින් බව පෙන්නන්න වගේම ජේහෝප්ව හිනස්සන්න ඕන වුන නිසා .....
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanficJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹