𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
29" හරි හ්යොන්ග් ... මේ ටික කියලා පෙන්වන්න ..."
නම්ජුන් ජින්ට ඔහුගෙ අතේ තිබුණු කොලේ පදපේලියේ කොටසක් පෙන්වමින් කියද්දී ජින් සුසුමක් පිට කරලා කොලේ දිහා බැලුවේ ලාවට හිනාවීගෙනමයි ....
ජේහෝප් ඔහුගේ පෙම්වතිය එක්ක කතා කරලා ආයෙම එද්දී ජිමින් ඔහු දෙස බලලා ඇස් හීනි කරලා හිනාවුන නිසා ජේහෝප් බැලුවේ දෙබැමිත් ලන් කරගෙන ...
" වේඒඒඒ ... "
" අනී හ්යොන්ග් ... කොහොමද නූනට.."
" එයා හොදින් ... "
ජේහෝප් හිනාවෙලා කියලා දුරකථනය සාක්කුවට දාගනිද්දී නම්ජුන්ට බැලුනේ ජින් දිහා .... දැන්වත් ජින් කල් නොගෙන ඔහුගෙ හිතේ තියෙන දේ කේට්ට කිව්වා නම් හොදයි කියලා ඔහුට හිතුනේ ....
ජේහෝප් මීට මාස හයකට පමණ කලිනුයි ඔහුගෙ මේ ප්‍රේම සම්බන්දය පටන් ගත්තේ ... ඒ ඔහුගේ සහෝදරියගෙන් ආපු යෝජනාව ... කොරියන් ප්‍රභූ තරුණියක් ඇය ... ඔහුට වඩා මාස අටකට පමණ ඇය වැඩිමල් ... මීට අවුරුදු එකහමාරකට කලින් ඒ යෝජනාව ආවේ ... ඒත් ඔහුගෙ හිත හදාගන්න වෙන් කරපු කාලයෙන් පස්සේ ඇය එක්ක මිතුරෙක් වගේ කතාබහ කරලා මීට මාස හයකට පමණ පසුවයි ඔහු සහ ඒ තරුණිය සම්බන්දය පටන් ගත්තේ .... ඔහුට ජින් කිව්වෙම ඇයට කැමති වෙන්න එපා කියලා .... ඒ නිසාම ඔහු ඒ ගෑණු ලමයා එක්ක කතා කරද්දී ජින්ට දැනෙන්නේ සතුටක් වගේම දුකක් මිශ්‍ර වුන හැගීමක් ... ජේහෝප් දැන් සතුටින් ඉන්නේ ඉතින් ඒකට සතුටුයි නමුත් තමන් නිසා කේට්ට ආදරේ ප්‍රකාශ නොකලේ ... ඒ නිසා ජින්ට පොඩි දුකකුත් දැනුනා ....
ඒ වගේම සුගා හයිබි ප්‍රඩියුසර් කෙනෙක් සමගත් වී පිලිපීන් ගායිකාවක් සමගත් affairs මේ වෙද්දී පටන් අරන් තිබුනේ ....
ඒ වගේම මේ වෙද්දී ගායුල් ජන්ග්කුක්, නම්ජුන් ලියෑන්, රූත් යූවී, ඔවේන් සහ සියෑන්ගේ සම්බන්දත් පෙර පරිදිම හොදින් ගලාගෙන ගියත් වසරකට පමණ කලින් ජිමින් බ්‍රේකප් වුන නිසා ඔහු , ජින් සහ කේට් පමණයි ඒ කණ්ඩායම් දෙකෙන්ම තනිකඩ .... ජේහෝප්, සුගා සහ වී ගෙ ඇරෙන්න නම්ජුන්ගෙ සහ ජන්ග්කුක්ගේ affairs මේ වෙද්දී පීඩීත් දැනගෙන තිබ්බේ ... ඔහු මුලින්ම ඊට විරුද්ධ වුනත් bts disband වෙන්න ලග වගේම ඔවුන්ගේ වයස වල හැටියට බලපෑම් කිරීම නුසුදුසු නිසා කම්පැනි එකෙන් අවසර ලබාදුන්නා ....
![](https://img.wattpad.com/cover/308520320-288-k562182.jpg)
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹