𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
21හයිබි එකේ tdh ලට වෙන් කරලා තිබුණු මේකප් රූම් එකට ඔවුන් යද්දී ඒ වෙනකොටත් මේකප් ආර්ටිස්ලා ඇවිල්ලා හිටියේ .... ඒ වගේම විවිධ වර්ගයේ කැශුවල් ඇදුම් පිරුණු රැක් දෙකක් ගැහැණු ලමයින්ටයි පිරිමි ලමයින්ටයි වෙන වෙනම තියලා තිබුණා ....
කේට්ගේ මේකප් ආර්ටිස්ට් ඇයට තෝරලා දුන්න ඇදුම වුනේ කලුපාට රෙද්දේ කහපාට මල් ගිය දෙඅත් හීනිපටි උකුලෙන් ටිකක් පහලට තියෙන ගවුමක් .... එයට සුදුපාටම ස්නීකර්ස් දාලා ඇය කොන්ඩේ medium blonde එකෙන් කලර් කරා ....
ගායුල් ඇන්දේ නිල්පාට පැච් ඩෙනිමට අලුපාට දෙඅත් දිග ක්‍රොප් ටොප් එකක් .... සහ ඇයත් කොන්ඩේ brown කලර් කරලා තිබුණේ ...
ලියෑන් ඇන්දේ හයිවෙස්ට් කලු ඩෙනිම් ශෝර්ට් එකට කලුපාටම අත් දිග කමිසයක් යටකරලා .... හැමෝම වගේ වින්ටර් සීසන් නිසා වින්ටර් ජැකට් ඇදුමට උඩින් දාගත්තා .....
ඔවුන් හත්දෙනාම වාහන දෙකක, එකක හතරකුත් අනෙක් වාහනේ තුන් දෙනෙක් සමග ජොන්ග් යී ත් එන විදියට ගියේ ... ඔවුන් Times Square එකට එනකොටම දැක්කේ ඒ අවට ගහලා තියෙන ඔවුන්ගේ ගෲප් බැනර්ස් ....
පලවෙනියට ගිය වාහනේ සාප්පු සංකීර්ණයේ ප්‍රධාන ඇතුල්වීමේ දොරටුව ලගින් නවත්වද්දී එතන ලෑස්ති පිට හිටපු ආරක්ශක නිලධාරීන් ඔවුන් ලගට කාටවත් ලංවෙන්න බැරි වෙන්න හිටගන්නවත් එක්කම අනෙක් වාහනෙත් ආවේ .... හත්දෙනාම එකට සාප්පු සංකීර්ණය තුලට යද්දී ලොබී එක පිරෙන්න ඒ වෙනකොටත් මිනිස්සු පිරිලා හිටියේ .... ආරක්ශකයින් හත්දෙනාගේ දෙපැත්තෙන් ඔවුන්ව කවර් කරගෙන කෙලින්ම ගියේ ලොබි එකේ පැත්තක ගහලා තිබුණු කුඩා ස්ටේජ් එකකට ... එයට හත්දෙනාම ගිහිං පේළියට හිටගෙන ඔවුන්ගෙ වින්ටර් ජැකට් ගලවලා පුටු උඩින් තියලා ඔලුව නවලා හැමෝටම ආචාර කරා .....
ෆෑන්ස්ලා 350ක් විතර ඇවිත් හිටියා .... ඒ වගේම කැමරාමන්ස් ලා වගේම රූපවාහිනී මාධ්‍යවේදීන් කීපදෙනෙකුත් හිටියා .... වෙනත් රටකින් කණ්ඩායක්ම, කොරියාවේ kpop group එකක් විදියට debut වුන නිසා හැමෝම හිටියේ ඔවුන් එක්ක කතා කරන්න කුතුහලයෙන් .... ෆෑන් මීටින් එකක් වුනත් එය ෆෑන් සයින් මීටින් එකක් නොවුන නිසා කාටවත් ඔවුන් ලගට එන්න ලැබුනෙ නෑ ... ඒ නිසාම හත්දෙනාම පුටුවල ඉදගෙන ඔවුන් ඔවුන්ව හදුන්වලා දීලා හැමෝම එක්ක කතා කලේ මයික් වලින් ....
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanficJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹