𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
38" ආශ්ශ්ශ් .... මෙයාලා මොකද මේ .... "
නම්ජුන් මූණත් ඇඹුල් කරගෙන කියලා ඇදෙන් බැහැලා බෙඩ්ශීට් එකත් ඉනෙන් පහලට ඇදගෙන දොර ලගට යද්දී ලියෑන් යටිතොල සපාගෙන දොර දිහා බලන් හිටියේ ලැජ්ජාවෙන් ....
නම්ජුන් භාගෙට දොර ඇරලා ඔලුව එලියට දාද්දිම ඔහු ඔලුව එකපාර පස්සට ගත්තේ ජිමින් දකින්නෙ නැතුව දොර කියලා හිතලා ඔහුට ගහන්න ගිය නිසා ....
" ඔහ් මිඅං හේයෝ හ්‍යොන්ග් ... මිඅං හේයෝ ....."
ජිමින් ඇසුත් ලොකු කරගෙන හිනාවෙවී කියද්දී අනිත් හැමෝමත් හිනාවෙන්න ගත්තේ එකපාර වෙච්ච දේට ...
" නම්ජුනාහ් නැගිට්ටද .... අහ් හා ... "
සුගා සෝෆාවේ ඉදගෙන හිනාවීගෙන ඇහුවේ ඔහු උඩුකය නිරුවත්ව ඉන්න නිසා ....
" ඔයාලා මොකද මෙහෙ ... කොහෙද අර යන කතාවක් කිව්වේ .... "
" යහ් යහ් ඉස්සෙල්ලම ලෑස්ති වෙලා එලියට එනවා .. අහ් මේක ඇදගෙන එන්න ඉක්මනට .... "
ජින් බැග්පැක් එකක් නම්ජුන්ගෙ පැත්තට දමමින් කියලා සෝෆාවේ ඉදගනිද්දී නම්ජුන් එයත් අරගෙන කාමරේ ඇතුලට ගියේ බැක්පැක් එක අරිමින් ....
" කවුද ඉන්නේ .... හැමෝම ඉන්නවා නේද ..."
" යේ .... හැමෝම හරි සතුටින් ඉන්නෙ .... මොකක් හරි විශේෂ දවසක්වත්ද අද ... "
නම්ජුන් කල්පනා කරමින් වගේ කියද්දී ලියෑන් බෙඩ්ශීට් එක ඇදගෙන ඇදෙන් ඉදගත්තේ හිනාවීගෙන ...
" ඇයි සතුටින් ඉන්න විශේෂ දවසකදී විතරද .... "
" අහ් අනී .... ඒත් එකපාර ... අනික කොහෙහරි යන්න හදන්නේ ... "
නම්ජුන් බැක්පැක් එකේ තියෙන ඒවා ඇදට හැලෙන විදියට එය අල්ලගෙන කිව්වේ එහි ඇතුලේ තිබුණු ඇදුම් දිහා බලමින් .... ඔහුගේ යට ඇදුමේ ඉදන් ජින් ගෙනල්ලා ...කලු කොට කලිසමකුයි සුදු ඕවර සයිස් කමිසයකුයි සැන්ඩ්ල්ස් දෙකයි ඔහුගෙ පර්ෆියුම් බෝතලෙයි දත් බුරුසුවත් එහි තිබුණා ...
" හ්‍යොන්ග් ඔක්කොම ගෙනල්ලා .... "
නම්ජුන් මූණට හිනාවක් එද්දී කිව්වේ .... ලියෑන් ඔහු දෙස බලන් හිටියේත් හිනාවීගෙන .... ඒ මූණ හරිම පින්වන්ත පාටයි .... හිනාවෙන ඇස් දිහා බලන් ඉන්නත් ආසයි ....
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹