𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
05හැමෝම ඩාන්ස් ප්රැක්ටිස් කරන්න ලේසි විදියට බොටම් එකට කමිසය ඇදලා සපත්තු දාගත්තා ... ජොන්ග් යී ආවට පස්සේ හැමෝම ඔහු එක්ක ඉහලමහලක තිබුණු තරමක් විශාල ඩාන්සින් ස්ටූඩියෝ එකකට ආවේ ...
ඔවුන්ගේ එක නිවෙසක් තරම් විතර ඒ ස්ටූඩියෝ එක ලොකුයි ...බිම තිබුණේ ලා දුඹුරු පාට ලීයෙන් වගේ තියෙන ලිස්සන බිමක් .... මුලු ස්ටූඩියෝ එකම නිකන් දිලිසෙනවා වගේ .... එයාලා යද්දිත් බැක්අප් ඩාන්සර්ස්ලා ගොඩක් ඇවිල්ලා හිටියේ .... ගොඩක් අය තැන් තැන් වල රවුම් ගැහිලා ඩාන්ස් ස්ටෙප් ගැන කියවනවා ... තවත් අය ඩාන්ස් ප්රැක්ටිස් කරනවා ....
" ජොන්ග් යී හ්යුන් .... එන්න ... "
" යේ සොන්ඩුක්කාහ් .... අන්යොන්.... "
එක පැත්තක් පිරෙන්නම උඩ ඉදන් ගහලා තියෙන විශාල වීදුරුව ලග තවත් බැක්අප් ඩාන්සස්ලා ටිකක් එක්ක හිටපු සොන්ඩුක් ජොන්ග් යීව දැකලා දෙඅත් දෙපසට දිගු කරගෙන වැලදගත්තා ....
" වෙල්කම් ... TDH .... "
ඔවුන් දෙදෙනාට පිටිපස්සේ හිටගෙන ඉන්න ලමයි හත්දෙනාට සොන්ඩුක් කිව්වේ දෙඇස් හීනි කරලා හිනාවීගෙනමයි .....
අනෙක් හැමෝටමත් ඔවුන් හත්දෙනාව හදුන්වලා දීලා ඉන්පසුව ඔවුන් ස්ටෙප් බයි ස්ටෙප් ඩාන්ස් එක ගැන ඩිස්කස් කරන්න ගත්තා .....
" එහෙනම් ඒ ස්ටෙප්ස් ටික කරමු ..
හැමෝම පිලිවෙලට හිටගන්න ...
හනා (1).. තුල් (2)... සෙත් (3)...
නනනානා නානා ...නනනානා නා ... "සොන්ඩුක් සිංදුව දාන්නෙ නැතුව කටින් ගීතයේ තාලෙට තාල දාද්දී හැමෝම වගේ ඔහුව අනුකරණය කරමින් නර්ථනය කරන්න ගත්තා .... ඒත් එක්කම වගේ දොර ඇරෙන සද්දෙට හැමෝගෙම අවධානය බිදුණ නිසා ඔවුන් නර්ථනය නතර කරේ සොන්ඩුක්ද නතර කරපු නිසයි ....
" ඔහ්හ්හ් .... ජේහෝප් .... "
" චේසොං හම්නිදා ..... චේසොං හම්නිදා ..."
ලොකු බොටම් එකට ඕවර්සයිස් කමිසයක් ඇදලා එකපාර දොරෙන් ඇතුල් වුනේ ජේහෝප් .... ඔහු පරක්කු වුන නිසා සමාව ගනිමින් කොන්ද නවලා කිය කියාම ගියේ සොන්ඩුක් ලගට ...
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹