"If I had a flower for every time I thought of you... I could walk through my garden forever."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
_Lan රාජධානිය_
"ඔයාලා කවුරු හරි පියාණන් ව දුටුවාද?"
"නැත කුමරුනි. අධිරාජ්‍යයා දැන් පැය කිහිපයක සිට සිංහාසනයේ නැහැ"
"ඔහ්...හරි..මම හොයාගන්නම්"
Lan Sizhui හොඳටම දන්නවා මාලිගය තුල දිවීම තහනම් බවට. නමුත් ඔහුට ඔහුගේ පියාණන් සොයා ගැනීම අත්‍යවශ්‍යයි. ඔහු සිටින්නේ දැඩි කලබලයක. පිය රජතුමා ලේසියෙන් මේ උදේ වරුවේ සිංහාසනයෙන් අතුරුදහන් වන්නේ නැහැ. එය Sizhui ට සහතිකයි. එසේනම් ඔහු කොහෙද සිටිනවා ඇත්තේ?
Lan Sizhui හෙවත් Lan Yuan...Lan රාජධානියේ කිරුළ හිමි කුමරු දිග අඩි තබමින් මාලිගයේ බටහිර අංගනය වෙතට අඩි ඉක්මන් කරන්නට උනා. ඔහුගේ යටි හිත පවසන්නේම පියාණන් නිසැකවම ඒ කොටසේ ඇති බවටයි.
වළාකුලු රාජ මන්දිරයේ බටහිර අංගනය වෙන් වී තිබෙන්නේ අධිරාජ්‍යාගේ අන්තඃපුරය වෙනුවෙනුයි. ඒත් Lan Wangji ගේ බටහිර අංගනය සම්පූර්ණෙන්ම හිස්. මොකද ඔහු ඔහුගේ අග රැජිණියට ආදරය කරන සීමාව නිසා තවත් එක් අයෙක්වත් දිහා බලන්නට ඔහු සූදානම් නැහැ. නමුත් ඒ කොටසේ තිබෙන චිත්‍ර කාමරය අධිරාජ්‍යායේ ප්‍රියතම ස්ථාන වලින් එකක්.
"පියාණනි..."
"හ්ම්?" අධිරාජ්‍යා මෘදු හඬක් නිකුත් කරමින් ඔහු පිටුපසින් සිටගත් Yuan දෙසට යන්තමින් හිස හරවා බැලුවා.
ВЫ ЧИТАЕТЕ
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Фанфик♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...