"I love you for what you are, and I would never want you to change. I accept all your flaws and love you a little more each day because I am never giving up on you, my everything."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
වලාකුලු රාජධානිය ට රස්නය උදා වනවා කියන්නෙම හරි අහම්බයක්. ඒත් ඒ රස්නය දරා ගෑනීමත් ලේසි නැහැ. රාජධානියේ සීතලට හුරු වී සිටි සෑම අයෙක්ටම මේ කාලය ගෙනාවේ අපහසු කාලයක්. විශේෂයෙන්ම රාජකීය අධිරැජිණිය මේ රස්නය නිසා අන් කවරෙක්ටත් වඩා පීඩා වින්ඳා.
Wei Wuxian අඩ නින්දෙන් වගේ රාජකීය ඇතුලත පොකුණේ එහෙට මෙහෙට පීනන්නට වුනා. ඔහු අසලම බෝට්ටුවක් එහේ මෙහේ ගියත් omega රැජිණිය ඒ දෙස කම්මෙලි ලෙස බැලුවා.
මේ දිනවල ඔවුන්ගේ සිරියහන් ගබඩාව උනු ජිංග්ෂියේ විශාල ඇඳ මත ඇති සියළු ගණ රෙදි ඉවත් කර සිහින් දුහුල් සළු වලින් සහා සනීප ටොපි කොට්ට සහා නිදන කොට්ට වර්ග වලින් ඒ මත omega nest එකක් සාදා තිබෙනවා. කාමරයේ සියළු ඝණ තිර රෙදි ඉවත් කර දුහුල් තිර රෙදි ඇද තිබෙන්නේ පැමිණෙන හිරුගේ දුර්ලභ ආලෝක කිරණ පිළිගන්නට වගේ.
ඒත් තවමත් අධිරැජිණිය අකමැත්තෙන් සහා තරහෙන් සිහින් ලෙස ගොරවමින් ඔහුගේ එක් අතකින් මූණ වසා ගත්තේ කෙලින්ම හිරු එලිය මූණට නොපැනුනත් ඒ පැමිණෙන රස්නය නිසා දැනෙන වේඳනාව නිසයි.
සාමාන්‍යයෙන් ගුසූහී ග්‍රීෂ්ම සෘතුව Wei Ying හැදී වැඩුනු රාජධානියට වඩා සෞම්‍යයි. රාජධානිය වටා ඇති හිම මිදුණු කඳු, විශාල රූස්ස ගස් වල සෙවණ නිසා තවමත් මද සීතලක් රාජධානිය වටා රැඳී තිබුණත්....
අද දවස මහා නරක ලෙස රස්නයක් පෙන්වන්නට උනේ සංවේදී omega සමට එය තවත් දරා ගැනීමට නොහැකි කරමින්.
𑁍
𑁍
𑁍
𑁍
𑁍
𑁍
ඊයේ දිනය කොයිතරම් රස්නය උනත් වෙනදා වගේ ඒ ගැන පැමිණිලි කරමින් යන්නට නොහැකි නිසා අධිරැජිණිය එය ඉවසා සිටීමට තීරණය කරා. ඔහු අවසානයේ තීරණය කරේ තමන් ගේ ස්වාමියාගේ සුදු පැහැති ඒත් Wei Ying ගේ ප්‍රියතම වර්ණ උනු රතු සහ කළු වලින් හැඩ කල සේද සළුවක් ඇඳ ගැනීමටයි. ඒත් තවමත් ඔහුට දමන දාඩිය මග හරින්නට ඔහුට නොහැකි. ඔහු එය කෙසේ හෝ අනුමත කරත් තවමත් අධිරැජිණිය ට ළඟම අය ඉදිරියේ ඒ කුඩා omega මුහුණේ විටින් විට හටගන්නා රැවිලි සහා නහයෙන් ඇඬීම් වල අඩුවක් උනේ නැහැ.
VOUS LISEZ
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...