17ᵗʰ Wave

724 154 42
                                    

"You are my love story, and I write you into everything I do, everything I see, everything I touch and everything I dream, you are the words that fill my pages"

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

"Patient Number 23... Lan Xian Zhan?"

"here..."

"එන්න ඇතුලට"

"ok.... *Xian දෙස බලමින්* Come on my strong baby...gege ඔයා ගාව ඉන්නවා..."

සුදු පැහැති තීන්ත ආලේප කර ලී දොර විවර කරන් Yibo බාලයාගේ කුඩා අත තද කර අල්ලාගෙන ඇතුළු වුනා.

ඒ කාමරය ඒ තරම් විශාල නැහැ. ඒත් හරිම ප්‍රසන්න සිත නිවන ආකාරයට එහි ගෘහ භාණ්ඩ පවා තෝරා බේරාගෙන තිබුනා. ඒ තුල ඇති සන්සුන් කෘතිම ලැවැන්ඩ්‍රා සුවඳ ඕනෙම Alpha සහා Omega වරයෙකුගේ සුවඳ යටපත් කර එහි පැමිණෙන, පැමිණි අයගේ ආරක්ෂාව තහවුරු කරේ මෙයට පැමිණෙන කිසිවෙක් බිය ගැවසෙන සුවඳවල් නිසා බිය වී අපහසුවට පත් නොවීමටයි.

එහි විශාල ජනේලය අසලට වන්න රත්තරන් පැහැති රවුම් කණ්නාඩි දෙකක් පැළඳි නිවුනු බුද්ධිමත් ස්වාභාවයේ Alpha වරයෙක් සිහින් සිනහවක් සමග ඉඳගෙන සිටියා. එහෙත් Yibo ව දුටු ඔහුගේ දෑස් විශාල වී මුවට විශාල සිනහවක් ද එකතු වුනා.

"Yibo ඔයාව දැක්ක කල්.....දෙවියනේ...එන්න එන්න....මොකෝ මේ පැත්තේ?"

ඔහු තවමත් ලයිකන් වරයාගේ පිටුපසින් සැඟවී සිටින කුඩා Omega පැංචාව දුටුවේ නැහැ. එහෙත් Yibo තමන් ගේ අත පිටුපස බලා මෘදුව යමක් කාට හෝ මුමුණනවා දුටු ඔහු ද ඒ වෙතට එබුනා.

"දෙවියනේ මේ කවුද?"

"හේයි Binbin... *Xian දෙස බලමින්* මේ ඉන්නේ මගේ mate.. Lan Xian Zhan...."

"ඔහ්...ඔයා ආවේ මට එයාව අඳුන්වලා දෙන්න නම්...මගේ හද පිරි මෙව්වා එක ඔයාට ඒ තරම්වත් අපේ යාලු කම වටින එකට..."

Yibo පැති සිනහවක් සමග Yubin පෙන්නූ අසුනේ අසුන් ගෙන Xian වද ඔහු අසලින් ඉන්ඳවා ගන්න හැඳුවත් මේ සෑම අලුත් දෙයකින්ම බිය වී සිටි බාලයා Yibo ගේ උකුලේ අසුන් ගෙන ඔහුගේ පපුවේ මුහුන තදින් සඟවා ගත්තා. Xian ගේ අමුත්ත ඉක්මනින් වැටහුණු Yubin ඔහුගේ පැරණි මිතුරා දෙසට ඇහි බැමක් ඔසවා බැලුවේ ප්‍රශ්න කරන්නට වගේ.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Donde viven las historias. Descúbrelo ahora