"Since you are gone, I collect the stars each night - building my own night sky, so I have something to hold onto forever."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
ඈත හිමතලාව පුරා වැටුනු හිම තට්ටු ටිකෙන් ටික දියවී වසන්තයේ හිරු කුමරුව පිලිගන්නට සූදානම් වෙනවා. හීතලේ ගුලි වී බෙන අස්සේ නිදි ගත්තු කුරුලු පැංචෝ ගුල් අස්සෙන් එකා දෙකා එලියට එන්නට පටන් ගත්තේ වසන්තයේ පිපෙන මල් වලට පිබිදෙන්නට ගී කියන්නට වගේ. උස් කඳු මුදුන වසාගෙන සිටි මීදුම් රැලි සෙමින් සෙමින් පාවී යමින් ලෝකයට සඟවාගෙන සිටි මුළු වලාකුලු පාරාදීසයම මිනිස් දෑසට නිරාවරණය වෙන්නට පටන් අරන්. ඒත් අද වෙනදාට වසන්තයේ මුලු ලාන් රාජධානිය පුරාම සිසාරා යන්නට ඇසෙන සුන්දර හුරුබුහුටි දඟකාර කටහඬ ඇසෙන්නට නැහැ.
වසර 8 ක් ගතවෙලා....
ඒ කටහඬ මැකී ගිහින්. ලාන් රාජධානියේ සුන්දර අග රැජින දෑස් පියාගෙන වසර 8 ක් ගත වෙලා.
කොයිතරම් වසන්තයන් පැමිණියත් දැන් ලාන් හී හිටපු අධිරාජ්‍යාට ඒවා සීතල හිම කාලය වගේමයි. එතුමා නිහඬයි. මීට වසර 8 කට පෙර ඔහුගේ දෑස් වල තිබුනු මෘදු ආදරණීය බැල්ම ඔහුගේ රැජිණගේ අවසන් හුස්ම සමග ඇය පැහැරගෙන ගිහින්. මේ වසර අට පුරාවටම ඔහු රාජධානිය ඔහුගේත් ඔහුගේ රැජිණගේත් ආදරයේ සලකුණක් ලෙස උපන් කිරුළ හිමි කුමරු ඇතුලු ආදරණීය දරුවන් අතට දී ඔහු ජින්ග්ෂියේ දොර අගුල ඇතුලත අතීතයේ සේම ඔහුගේ ආදරණීය බිරිඳ අසලට වී ඔහුගේ නිසොල්මනේ ඉඳගෙන, වරක් සුන්දරවම සිනාසෙමින්, කිසිවෙකුට හික්මවන්නට බැරි තරම් කෙලිලොල් දඟකාර, මුව වසන්නට බැරි තරම් කටකාර වූ ඒත් අද කවදාවත් නැති තරම් නිහඬ, සිනාවෙන් මිදුණු හීනෙන් වත් බලාපොරොත්තු නොවුනු තරම් නිසොල්මන් සුන්දර මුහුණ දෙස බලා සුසුමක් පිට කරා.
KAMU SEDANG MEMBACA
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fiksi Penggemar♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...