"If I could give you one thing in life, I would give you the ability to see yourself through my eyes, only then would you realize how much you mean to me"
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
_Lan අධිරාජ්‍යය_
එක් අතකින් හාවන් සඳහා සංග්‍රහ පිරවූ කූඩයක් ද අනෙක් අතින් ඔහුගේ සුන්දර අධිරැජිණිය ගේ කුඩා අත ද ප්‍රවේශමෙන් අල්වාගෙන අධිරජු, Lan Wangji සෙමෙන් රාජකීය සාවුන් හැදී වැඩෙන පිටිය දෙසට පටු අඩි මාවත ඔස්සේ ගමන් කරන්නට වුනා. ඔහුගේ පුංචි Omega රැජිණිය හරිම සතුටෙන් මඳක් ඉදිරියෙන් ඇවිදිමින්, නිදහස් අතෙන් මල් නෙලමින් සමහර මල් අධිරජුගේ හිසේ පලඳවමින් හුරුබුහුටි කටහඬින් නොනවත්වා ප්‍රීතියෙන් මුමුණමින් මඟ පෙන්වන්නට වුනා.
එය හොඳ දවසක්. අහස පැහැදිලි වූ අතර කාලගුණය හරිම සුවපහසුයි, එය අධික සීතලත් නොවන අධික හිරු රශ්මියත් නැති තරම් උණුසුම්, සෞම්‍ය වූ අතර අද උදෑසනම රාජ සභාවේ කටුයුතු අවසන් කල පසු ඔවුන් ට සහභාගී වීමට තරම් කිසිම දෙයක් නොතිබුණු තරම්. එබැවින් ඔවුන්ගේ උදෑසන වැඩි කාලයක් ඇඳේ ගත කිරීමෙන් පසු රාජසභාවේ කෙටි හමුව අවසන් කර ඔහුගේ කුඩා omega වරයා සමග Lan Zhan කඳුකරයට යාමට තීරණය කලා.
ඔවුන් හාවුන් සිටින පිටියට ඇතුල් වෙනවත් සමග කුඩා පුළුං බෝල ඔවුන් වෙත පැමිණ Wei Ying ගේ සළු කොණේ හොම්බ අතුල්ලමින් ඔවුන් ව පිළිගන්නා විට හුරුබුහුටි omega වරයාගේ හුරතල් සිනහව පිටියම වසා ගත්තේ ඔහු දෙස බලා සිටින අධිරජුගේ දෑස් වලට ආදරණිය සිනහවක් ගෙන එමින්. මේ වන විටත් Lan Zhan ගේ මෘදු සන්සුන් ගති වලට වගේම ඔහුගේ ආදරණීය රැජිණියගේ දඟකාර ශබ්දකාරී හුරතලයට සෑම හාවෙක්ම වගේ අනුගත වෙලා. එය හරියට ඔවුන්ටත් ඔවුන්ගේ අයිතිකරුට වගේම මේ සුන්දර Omega වරයා සමග ආදරයෙන් බැඳී සිටීමට නොහැකි වගේ. Lan Zhan කූඩයෙන් කැරට් ගන්නා අතරතුර Wei Ying සිනිඳු තණ පිටියේ බිම ඉඳගෙන පුංචි කංකුං නැට්ටකින් හා පැටව් සමග සෙල්ලම් කරන්නට ගත්තා.
YOU ARE READING
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...