"No matter where I went, I always knew my way back to you. You are my compass star."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
_Lan රාජධානිය_
වළාකුළු රාජධානියේ රාජකීය සිරියහන් ගබඩාව යනු කිසිවෙක් ට ඇතුළු විය නොහැකි තැනක්. එය පිරිසිදු කිරීම සඳහා සිටින සේවිකාවන් 4 දෙනා ඇරෙන්නට කිසිවෙක්ට එයට ඇතුළු විය නොහැකි. ඔවුන් කිසිවෙක්ට උනත් අධිරාජ්‍යා හෝ රැජිණිය සිටින විට ඇතුළු වීම සපුරා තහනම්.
එහෙත් පුංචි බතල බෝල අතක් ඔහුගේ පිටට සෙමින් සෙමින් අනිමින් ඔහුව සොලවමින් අවදි කරන්නට උත්සහා කලා. ඒ සමග ඔහු තමන් ගේ පිට පැත්තට හැරුනා. සෙමින් සෙමින් විවර කරන ඔහුගේ දෑස් වලට හසුවුනේ ඔවුන් ගේ ඇඳට උඩින් ඇති සළු වියනයි. අධි රැජිණිය මද වේලාවක් වෙන දේවල් අඳුරා ගැනීමට වගේ සළු දෙස බලා ගෙන එක සැරයක්...දෙසැරයක්....ඇසි පිල්ලන් ගසන්නට වුනා.
කාමරයේ ඉටිපන්දම් ආලෝකය තවමත් දැල්වෙනවා. Wei Ying ගේ දෑස් නැවත පිය වෙන්නට යන විටම කුඩා කෙඳිරියක් ඔහුගේ කන් දෙකට ඇසුනා.
"මෑණියනි...."
"මගේ චූටි රාබු ගෙඩිය?" ඔහු ශබ්දය නොමැති රහසක් වගේ කටහඬක් සමග ඉක්මනින් අනෙක් පස හැරී දෑස් දෙක පිහදාන්නට උනේ පුදුමයෙන්.
මේ මොහොතේ ඔවුන් ගේ පුංචි කුමරු සිටිය යුත්තේ ඔහුගේ කාමරය තුලයි. එය රාජකීය සිරියහන් ගබඩාවටම සම්බන්ධ උනු කාමරයක්. මොකද තවමත් පුංචි කුමරුට වයස අවුරුදු 2 ක් පමණයි. Wei Ying ට හොඳටම විශ්වාසයි ඔහු කුමරුව ඔහුගේ විශේෂ ඇඳෙන් තබන විටත් ඔහු නින්දේ සිටි බවට. ඒත් ඇයි ඔවුන්ගේ පුංචි පුතු මෙතන. සිරියහන් ගබඩාවේ මද ආලෝකයෙන් කුමරු දෙස බැලූ අධි රැජිණිය දුටුවේ ඔහුගේ කුඩා මුව මඩල වෙව්ලමින් ඔහු ඔන්න මෙන්න අඬන්නට සිටින බවයි.
"A-Yuan?"
"මම බයයි මෑණියනි...."
පුංචි Yuan තව තවත් Wei Ying ගේ රාත්‍රී ඇඳුම තද කර අල්ලා ගනිමින් පැවසුවා. දෙවියනේ!!! ඔහුට අමතක උනා අද දිනයේ කුණාටුවක ලකුණු පෙනවන බවට කාලගුණ අනාවැකි කරුවන් පැවසූ බවට. ඇසෙන ශබ්දය අනුව නම් නිසැකවම එය දැනටම පටන් අරන්. ඔහුගේ පුංචි රාබු ගෙඩිය කුණාටු ශබ්දයට බිය බව මතක් වී Wei Ying ගේ හදවත වේඳනාවට පත් උනා.
ESTÁS LEYENDO
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfic♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...