“Your absence has not taught me how to be alone; it has merely shown me that when together we cast a single shadow on the wall.”
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
"ඔහ්...A-Jun එන්න එන්න මම ඔයාට මගේ පුතාව හඳුන්වලා දෙන්න. අඳුරගන්න මේ ඉන්නේ මගේ පුතා Wei Xian Zhan"
Yibo මදවෙලාවක් ගල් ගිලලා වගේ තරුණයා දෙසත් ඔහුගේ මාමා දෙසත් මාරුවෙන් මාරුවට බලන්න පටන් ගත්තා. මොකක්ද මේ කියන්නේ? මාමා ට කොහෙන්ද පුතෙක්? එවිටයි ඔහුට ඒ දුරකථන ඇමතුම ගත් හෙදිය කියූ දේවල් මතක් උනේ.
'.....Mr Qiren දැනට Operation එකට අරන් තියෙන්නෙ. ඒත් එයාගේ පුතා තාම පොඩි. ඒ නිසා ඔයා විතරයි අපිට එයාගේ භාරකාරිත්වයට ඉන්නේ.....'
"පුතා???"
"මම ඔයාට එන්න කිවුවෙත් ඒ ගැන කතා කරන්න තමයි දරුවෝ. කොහෙද මේ නරක ලෙඩේට ඊට කලින් එලියට එන්න ඕනි උනානේ..."
Qiren මහතා සුසුමක් පිට කරමින් ඔහු අසල සිටින කුඩා තරුණයා ගේ හිස සෙමින් අතගාන්නට වුනා. ඒ සමගම Xian සතුටෙන් ඉපිලෙමින් විශාල සිනහවක් සමග Qiren මහතා දෙස බැලුවේ ඔහුට ලොකුම ලොකු තෑග්ගක් ලැබුනා වගේ. ඔහු ගේ මුහුණේ තිබුණු කණස්සලු බැල්ම අතුරුදහන් වී ඔහු ඉක්මනින් සතුටින් සිනාසෙමින් නැවත සෙල්ලම් කරන්නට ගත්තා. Yibo ට මෙය ගෙනාවේ ප්‍රේහේලිකාවක්. වයස අවුරුදු 16 ක විතර පෙනුමක් ඇති අයෙක් ඇයි මේ කුඩා ළමයෙක් වගේ සෙල්ලම් කාර්, වෑන් වලින් සෙල්ලම් කරන්නේ?
"මාමේ?"
"මේහේ එන්නකෝ A-Jun ඇවිත් අඳුරගන්නකෝ A-Xian ව"
Yibo තමන් ගේ හිස අසන්නට ප්‍රශ්න කෝටියක් පැවසුවත් නිශ්ශබ්දව පැමිණ Qiren මහතා අසලින් හිටගත්තා. ඒ සමගම Qiren මහතා අසල සිටි තරුණයා ඔහු දෙස හිස ඔසවා බැලුවා. දෙවියනේ!!! මෙතෙක් වෙලා Yibo දුටුවේ ඔහුගේ පැති පෙනුම පමණයි...ඒත් දැන් ඇස් දෙක ඉදිරියේ ඔහුව කෙලින්ම දකින විට ඔහුට සිතාගන්නට බැරි උනා මේ දකින්නේ හැබෑම පුද්ගලයෙක්ද බවට.
YOU ARE READING
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...