"To find the sense of life is the blessing, but meeting the person who will become your world is even a bigger one. I am lucky to do this."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
_Lan අධිරාජ්‍යය_
"අධිරැජිණිය?"
"එතුමිය විවේක ගන්නවා උතුමාණනි...."
"හ්ම්..."
අධිරජු සැනසුම් සුසුමක් හෙළුවා. ඔහුගේ දඟකාර අධිරැජිණිය එක් තැනක තැබීම ඒ තරම් ලේසි කරුණක් නොවේ. ඔහු එය උත්සහා කරන හැම වතාවකම...
"ඔහ්...Lan Zhan මේ මම ගැබ් ගත්ත පලවෙනි වතාව නෙවෙයිනේ? ඒ නිසා කලබල වෙන්න එපා. අනික අපේ පුංචි කුමාරයා එයාගේ අයියණ්ඩි වගේම හරිම හොඳයි. මෑණියන්ට චුට්ටක් වත් කරදර කරන්නේ නැහැ."
එහෙත් Lan Wangji ගේ හිත ඔහු නිසා නොසන්සුන්. Wei Ying කොයිතරම් නම් ඔහු හොඳින් බව පැවසුවත්. ඔහුගේ කුඩා Omega වරයාට එය ලෙහෙසි කාර්යයක් කියා ඔහු විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන්ම සමහර අවස්ථාවල ඒ සුන්දර මුහුණ වේඳනාවෙන් හැකිලෙන විට වගේ. ඔහු තමන් ටම දොස් කියා ගත් වාර අනන්තයි තවත් දරුවෙකු මේ තරම් ඉක්මනින් Wei Ying ට ලබා දීම ගැන. ඒත් හිතුවක්කාර Omega වරයා දරුවන්ට ගොඩක් ආදරෙයි. ඒ වගේම ඒ මුහුණේ තවමත් ලෝකය එලිය නොදුටු ඔවුන්ගේ නව අමුත්තා වෙනුවෙන් පවා උතුරන ආදරය දුටු විට Wangji ගේ හදවත සන්සුන් උනා.
ඔහු සිරියහන් ගබඩාවේ දොර විවර කරන විටම ඔහුව පිළිගත්තේ ඇඳ මත ගුළි වුනු පුංචි ධවල වර්ණිත වෘකයෙකුයි. ඔහු ඔවුන් ගේ විශාල ඇඳ මත ඝනකම් වූල් ඇඳ රෙති පහසු ලෙස සකසාගෙන සැප පහසු ලෙස නින්දේ පසුවනවා. අධිරාජයා ගේ මුහුණට ඔහුගේ දුර්ලභ සිනහවක් පැමිණියා. ඔහු හරිම ප්‍රවේශමෙන් ජින්ග්ෂියේ දොර වසා අගුළු දමා ඇඳ දෙසට ගමන් කරන්නට වුනා. මාස හයක් ගත වෙලා Wei Ying ඔවුන් ගේ දෙවැනි දරුවාගෙන් ගැබ් ගෙන. එය ඇත්තටම පුදුමයක්. මොකද Lan Wangji ඔහුට දිනපතාම ගැබ් නොගැනීමට අවශ්‍ය තේ එක ලබා දීමට කටුයුතු කල නිසා. මොකද ඔහුට උවමනා උනේ නැහැ ඔහුගේ කුඩා අධිරැජිණිය නැවත මරණාසන්න වනවා දකින්න.
YOU ARE READING
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...