"I can’t lose you. Because if I ever did, I’d have lost my best friend, my soulmate, my smile, my laugh. You are my life. My world. My love. My everything"
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
ʟᴀɴ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ
ටොක්!!!
ටොක්!!!
ටොක්!!!!මම දොරට තට්ටු කරලා ටික වෙලාවක් ඒ දිහා බලන් හිටියා. මගේ හිත නිකන් තාමත් අමුතුයි. ඒත් මම මගේ එහා පැත්තෙන් දොරේ ලොක් එක අරින සද්දේ ඇහුනම මම පුළුවන් තරම් මගේ මූණ පුරුදු හැඟීම් නැති විදියට හදාගත්තා.
"A-Jun?"
Kuan ge ගේ මූණේ හැමදාමත් තියෙන එයාගේ සන්සුන් හිනාව දැක්කම මට නිකන්ම මාව relax වෙනවා දැනෙන්න ගත්තත් ඇතුලෙන් ඇහෙන රණ්ඩුවේ සද්දෙත් එක්ක මම එබිලා බලද්දි Kuan ge අමුතු විදියට හිනාවුනා
"ඔයා දන්නවනේ ඒ දෙන්නා ගැන. විනාඩියක් හොඳට හිටියොත් අනික් පැයේ මරාගන්නවා."
"හ්ම්..."
"එන්න ඇතුලට..."
Kuan ge අයිනට වෙලා ඉඩ දුන්නා. මම ඇතුලට යනකොටත් මම ආවා කියලාවත් දන්නෙ නැතිව Xuan නුයි Qian නුයි රණ්ඩු වෙනවා. මොනවා බෙදාගන්න බැරුවද මන්දා මේ දෙන්න ඕනි වෙලාවක රණ්ඩු.
"කටවහගන්නවකෝ දැන්වත් මෝඩයෝ දෙන්නා. තවුසෙලා දෙන්නා හිතන් ඉන්නේ තාම අපි මොන්ටිසෝරියේ කියලද?"
මම කෑ ගැහුවේ තරහෙන් නෙමෙයි. ඒත් මගේ කටහඬ ඇහිලා දෙන්නගෙම කටවල් එක පාරට වැහිලා ගියා. අහ්...Kuan ge කියනවා වගේ මගේ කටහඬ හෙන භයානකයි තමයි.
"Bo..." Haoxuan ට ඇද කර කර Liqian මගේ අතේ එල්ලුනත් මගේ මූණේ පෙනුම දැකලා ආයෙම කටත් ඇද කරන් මාව අත ඇරියා "easy boy...මම යාලුකමට ඔයාව hug කරන්න හැදුවේ. ඒක නෙමෙයි කොයි වෙලේද ඔයා ආවේ?"
"එයා මේ දැන් ආවේ තවුසේ ඉතින් මට තවුසේගේ ලොකු කම කියන්න මහන්සි වෙන වෙලාවේ වටපිටාව ගැන බලන්නේ නැහැනේ."
"අනේ නිකන් ඉන්නවා කට ඇදයා. දැනගන්නවා තවුසෙව මම ඔය කැරකෙන පුටුවේ ගැට ගහලා මෙරි ගෝ රවුන්ඩ් යවනවා..."
YOU ARE READING
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...