7ᵗʰ Wave

868 173 89
                                    

"If I had to choose between breathing and loving you I would use my last breath to tell you I love you."

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

"Bo...ඔයා කොහෙද?"

කෑම කාමරය දෙසට ඇවිද එන අඩි ශබ්දයත් ඒ අඩි ශබ්දය එන දෙසින් මෙහෙට පැමිණෙන තරමක් සැර කුරුඳු සුවඳත් නිසා කෑම කාමරයේ සිටි Omega පැංචාට දැනුනේ තමන් ට වමනය කරන්නට ඕනි බවයි. ඒ හැම දේටමත් වඩා ඔහු බය වුනා. තවත් Alpha කෙනෙකුගේ සුවඳ ඔහු ගේ mate ගේ දැන් දැන් මලානික වී යන සුවඳ පරාද කරමින් ඔහුගේ වටේ දැවටෙන විට Xian බියේ ඔහුගේ පුටුවේ හැකිලෙන්නට වුනා. කෑම කාමරයේ කිසිවෙක් සිටියේ නැහැ. ඒ නිසා කරන්නට දෙයක් Xian දැන සිටියෙත් නැහැ. ඔහු කුඩා පාද දෙක පුටුව උඩට ගෙන පපුව මැද්දට තුරුලු කරගෙන සෙමින් මුමුණන්නට උනා.

"Bobo...?"

"Yibo....? මම එනවා ඇතුලට..."

කෑම කාමරයට ඇතුලු උයේ සුන්දර ඇල්පා වර්ගයේ තරුණියකුයි. ඇය එයට ඇතුලු වෙනවත් සමගම වගේ ඇගේ සුවඳ නිසා කෑම කාමරය තුල හුස්ම ගැනීමත් Xian අපහසුයි. ඒ සමගම ඔහු නොදැනුවත්වම වගේ ඔහුගේ pheromone පිටතට නිකුත් කරන්නට වුනා. ඒත් ඒ වගේ තිබුනේ මිහිරි සනීපවත් බවක් නොවේ, බිය සහා වේඳනාව මුසු වුනු මහා අප්‍රසන්න හැඟීමක්.

(Omega වරු න්ගේ ඒ ඒ වෙලාවට නිකුත් කරන Pheromones වලට ඒ ඒ මොහොතේ ඔවුන් ගේ හැඟීම් නිරූපණය කිරීමේ හැකියාව ඇත)

ඔහුගේ සුවඳ දැනි පැමිණි තරුණිය පුදුමයෙන් ඒ දෙස බැලුවා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Where stories live. Discover now