CHAPTER 👉 04

1K 202 92
                                    

( Nanjing 7:30 pm )

තමන් පන වගේ ආදරේ කරපු කෙනා නොයෙන්න යන්න ගිහින්.. අවුරුදු ගානකට පස්සෙ ආයෙ ඒ රූපෙන්ම කෙනෙක් තමන්ගෙ ඉස්සරහට ආවොත්.. ඔයාට පුලුවන් ද එයාගෙ ඉස්සරහ හැගීම් හංගන් ඉන්න..මට නම් ඒක කරන්න බැරි වැඩක්.. මම ලියෝන් එක්ක හිටපු කාලෙ.. එයාගෙ තුරුලට වෙලා කෝලම් කරපු හැටි.. එයාව කිස් කරල මගෙ ආදරේ පෙන්නපු හැටි.. එයත් එක්ක රවුම් ගහපු හැටි..එයා එක්ක හැම රැයක්ම ගත කරපු හැටි මැවි මැවි පේනවා.. මොකද මම ඒ හැම වෙලාවකම එයාගෙ ඇස් දිහා බලාගෙන මන් ගැන එයාගෙ හිතේ තියන ආදරේ තරම හොයපු නිසා.. ඉතින් එහෙම මට පුලුවන් වෙයිද යීබෝ කොල්ල ලග මගේ හැගීම් හංගගන්න.. අනික එයා කවුද කියලවත් මම තවම දන්නෙ නෑ.. එයාගෙ ජීවිතේ අරුන්ගෙන් බේර ගත්තට...

මම එයාව වාරු කරගෙන හෙමීට එක්කරන් ගියෙ මගෙ ගේ දිහාට.. මොකද මෙයාව පාරෙ අතෑරල දාල යන්න තරම් මම බල්ලෙක් නෙමෙයිනෙ..එයා හිටියෙ නම් ටිකක් ඕන්දු මාන්දු වෙලා වගේ.. මේ මනුස්සයගෙ නරක තැනකටවත් පාරක් වැදුනද කියල මගේ හිත කිව්වෙ නම්.. මම ගේට් එක ඇරගෙන ඇතුලට යද්දිම.. අත්තම්මගෙ ගේ ඇතුලෙ ඉදන් එලියට දුවන් ආවෙ නංගිය..

"" අයියෙ කවුද මේ..""

"" අනේ නංගි අපිට බොන්න මොනාව හරි උඩට එවනවද..""

"' ආහ් හරි හරි..""

මට නංගිගෙන් අහන්න බැරි උනා උණ හොදයිද කියලවත්.. කොහෙද මගෙත් සිහිය විකල් වෙලා මේ මනුස්සය ඉන්න විදිහ දැකල..හෙමීට පඩි නැගැල උඩට ගිහින් එයාව ඇදෙන් ඉන්දල..මම දඩි බිඩි ගාල කරේ තිබ්බ බෑග් එක පැත්තක දාල.. දුවල ගිහින් සේලයින් බෝතලයක් ගෙනත් පුලුන් කෑල්ලකට සේලයින් වතුර දදා පරිස්සමින් එයාගෙ නලලෙ වගේම වැලමිට ලග තිබ්බ තුවාල පිහිදැම්ම..

 දුවල ගිහින් සේලයින් බෝතලයක් ගෙනත් පුලුන් කෑල්ලකට සේලයින් වතුර දදා පරිස්සමින් එයාගෙ නලලෙ වගේම වැලමිට ලග තිබ්බ තුවාල පිහිදැම්ම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺWhere stories live. Discover now