පස්ස නොබලම මම ගේට් එකත් ඇරගෙන හීයක වේගෙන් දිව්වෙ උඩ තට්ටුවට.. අමාරුවෙන් ගෙට ගොඩ වෙලා තොලෙන් ගලන ලේ නවත්ත ගන්න මට අයිස් පැක් තියන්නත් උනා..
ලේ නවතිනකන් ඉදපු මම ඇඳුම් උනා දාල ටවල් එක විතරක් අරගෙන වොශ් රූම් එකට ගිය ගමන් ශවර් එක යටට ගිහින් හිට ගෙන කරාමෙ ඇරල දැම්මා..
ඔලුව දිගේ ගලාගෙන ආව සීතල වතුර මගෙ තුවාල උන තොල් වලත් වදිද්දි.. යන්තම් වගේ දැවිල්ලක් ආවත්.. මම ඒ වේදනාව දරා ගත්ත ඇස් පියාගෙන..
ඔයා මට මේ දවස් ටිකට දුන්න දුක් ගින්න හැටියට..
ඇත්තටම මේ චූටි තුවාලෙන් එන වේදනාව මහ ලොකු දෙයක් නෙමෙයි..
මගෙ ඇගෙන් ගිය හැම ලේ බිංදුවක්ම උබ නිසයි හැලුවෙ කියල හිතෙද්දි මට ඇත්තටම සතුටුයි මගෙ මහත්තයො..
ඔය තොල් මගෙ තොල් වල ගෑවෙද්දිම මම ආයෙ හුස්ම ගන්නව වගේ දැනුන අද..
ඒත් මට ඒ පහසෙ දැනුන් නෑ ආදරයක්..
එතන තිබ්බෙම රළු ගතියක්..
ඔයත් ඇත්ත නැත්ත හිතා ගන්න බැරුව අසරණ වෙලා කියල මට තේරෙනවා..
නැත්තම් අහක යන කොල්ලෙක්ව කිස් කරන්න තරම් ඔයාට අසහනයක් නැති බව මම දන්නවා..
ඉතින් මගෙ ලියෝන් උබේ සතුට මට රිද්දන එක නම්..
මම උබට එක පාරින්ම මගෙ හදවතම දෙන්නම්..
එතකොට උබට පුලුවන් ඇති වෙනකන් සතුටු වෙන්න මගෙ මහත්තයො................වතුර බේරෙන ඇඳුම් පිටින් බාතෲම් එකෙන් එලියට ආපු මම ඇඳුමෙන් ඇඳුම ගලවල දාල ඇගේ එක ඇඳුමක්වත් නැතුව ඇඳට වැටුනෙ ඇගට පනක් වත් හිතට සතුටක්වත් නැති නිසා..
පැයක් මම ඔහේ ඇඳට වෙලා ඉද්දි.. පල්ලෙහ ගේට් එකට ගහන සද්දෙට මගෙ ඇස් ඉබේටම ඇරුන..
""සීන්...(හික්)...වරෙන්...යකෝ...(හික්..සීන්...""
ඒ කටහඬ...දෙයියනේ යීබෝ ගියෙ නැද්ද ඒ කියන්නෙ.. ඉක්මනට ඇඳෙන් නැගිටල කොට කලිසමක් ඇඳන් උඩ කෑල්ල බ්ලැන්කට් එහෙකින් වහගෙන පහලට බැස්සෙ අත්තම්මගෙ ගේ දිහා විටින් විට බල බලමයි..
"" ඔයා මොනවද මෙහෙ කරන්නෙ මහත්තයො..""
ගේට් එක ඇරපු ගමන් දැක්කෙ.. කෙලින් ඉන්නවත් බැරුව හිටිය යීබෝව.. මන් දිහා ඇස් අඩවන් කරගෙන බලන් ඉන්න එයාව දැක්කම මගෙ ඇගම හිරි වැටිල ගියා වගේ දැනෙන්න ගත්තෙ..
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...