CHAPTER 👉 31

950 171 54
                                    

නංගි හිතන් ඉන්නෙ ලියෝන් වැරදී කියල...ඒත් මෙතන මමයි වැරදි.. මමයි හැම ප්‍රශ්නයක්ම පටන් ගත්තෙ.. අවුරුදු හයකට කලින් මම අර වගේ මෝඩ තීරණයක් නොගත්ත නම් අද මමයි ලියෝනුයි ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා..

ඒත් අන්තිමට මොකද්ද උනේ.. මම එක පැත්තකින් මගෙ ජීවිතේ අපායක් කර ගද්දි.. ලියෝන් එයාගෙ ජීවිතේ විනාස කරගන්න හදනවා..මට බයයි එයාව මට ආයෙත් සදහටම නැති වෙයිද කියල.. මට බයයි ලියෝන් කියන රූපෙ මට හැම ආත්මෙකටම අහිමි වෙයිද කියල..මොකද හන් කියපු විදිහට දැන් එයා ඉන්නෙ හොද තත්වෙක නෙමෙයි..එක්කො එයා suicide කරගනී නැත්තම් එයාට පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා..

ඉතින් ඒ අහින්සකය එහෙම වෙන්න හේතුව මම නෙමෙයිද..එයා මට දුන්න දඬුවම් දරා ගන්න බැරුව මම පැනල ආවා දුරකට.. ඒත් එයා මම අර තරම් ද්‍රෝහි වැඩක් කරලත් මාව හොයාගෙන මන් ලගට ආවා.. පපුවට පිහියෙන් ඇන්නත් මැරෙන්නෙ නැති ආදරේද ඇත්ත එහෙම නැත්තම් අතක් පයක් කැපුවත් සදහටම මැරිල යන ආදරේද ඇත්ත..

කොහොම නමුත් ආදරේ හරි පුදුමාකාරයි.. හරියට මගෙ ලියෝන්ගෙ පපුවෙ මන් වෙනුවෙන් දෝරෙ ගලන ආදරේ වගේමයි.. ඒ ආදරේට සම කරන්න කිසි දෙයක්වත් කිසි කෙනෙක්වත් නෑ.. මම දැක්ක ආදරනීයම පෙම්වතා තමයි මගෙ ලියෝන්.. ඒක තමයි ඇත්ත..

"" විකාර කියවන්න එපා නංග.. මගේ දේවල් වලට වඩා මට දැන් වැදගත් ඔයාගෙ දේවල්..""

"" මොකද්ද ඒ කතාවෙ තේරුම..""

කියල කට ගන්න නෑ... මට චායෙන්ගෙන් කෝල් එකක් එද්දි මම නංගි දිහාත් බලල ටිකක් තව එහාට ගියෙ ෆෝන් එක කනේ ගහගෙන..

"" හලෝ..කියන්න මල්ලි..""

"" .....................

"" අහ් හරි මල්ලි..මම එන්නම්..""

"" .........................

චායෙන් කොල්ල මම කියපු යෝජනාව ගැන කතා කරන්න එන්න කිව්වෙ.. මේක අහපු වෙලාවෙ ඉදන් මෙච්චර වෙලා හිතේ තිබ්බ ගින්දර කොහෙ ගියාද මන්ද.. නංගිට මේ ගැන කියන්න කලින් ඒ කොල්ලව හම්බ වෙලාම ඉන්නව කියල හිතා ගත්ත මම.. මොකද ඒ ළමයගෙ කැමැත්ත ඇතුව නංගිට කියන එක හොදයිනෙ.. එතකොට නංගිත් සතුටින් මමත් සතුටින්..

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺHikayelerin yaşadığı yer. Şimdi keşfedin