අවුරුදු හයකට පස්සෙ මම එයාගෙ හඬින් මගේ නම ඇහුවෙ.. ඒත් මම දන්නවා මේ ලියෝන් නෙමෙයි කියල.. මම යීබෝව පිලිගන්නෙ නෑ කියලත් දන්නවා..ලියෝන්ට වඩා හාත් පසින් වෙනස් කෙනෙක් යීබෝ.. නමුත් මොන හේතුවකටද දන් නෑ මගේ හිත කැමති යීබෝ ලග මෙහෙම ඉන්න.. එයා මගෙ නම කියපු එකට මට වඩා මගෙ හිතයි ගොඩක් සතුටු වෙන්නෙ..
"" ඩොක්ටර් ඩොක්ටර් කියල කියනවට වඩා මට හිතුන ඔයාට සීන් කියල කතා කරන්න.. නම කියල කතා කරාට කමක් නෑ නේද..?""
ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන අතර එයා මද හිනාවක් පාල කියපු දේට මට ඇත්තටම පුදුම හිතුන..හැම කෙනෙක්ගාවම සීතල චරිතයක් වන යීබෝ.. ඇයි මන් ඉස්සරහ හොද මනුස්සයෙක් වගේ රගපාන්නෙ.. එයා ඇයි මට ලන් වෙන්න හදන්නෙ කියන කාරනාව නම් මගේ හිතේ නිතරම තිබ්බ දෙයක්..
"" අ..අනේ..ඒකට කමක් නෑ මහත්තය..""
මම කිසිම වෙනසක් මූණෙන් පෙන්නන්නෙ නැතුව එහෙම කියද්දි.. එයා හීනියට හිනා වුනා මිසක මට ආයෙ මුකුත් කිව්වෙත් නෑ මගෙන් මුකුත් ඇහුවෙත් නෑ..ඇත්තටම එයා මන් ලගදි ගොඩක් වෙනස් කෙනෙක් වෙනවා.. එයා මන් ලග උපරිම සැහැල්ලුවෙන් ඉන්නෙ කියල මට මේ ටික දවසට හොදටම තේරිලා තිබ්බ දෙයක්.. ඒත් මම නොදන්න දේකට තියෙන්නෙ.. ඇයි එයා මට විශේශයක් දක්වන්නෙ කියන එක ගැනයි..
තිබ්බ හිස රදේ නිසාමද මන්ද ටික වෙලාවක් යද්දි මට නින්ද ගියෙ යීබෝ ඩ්‍රයිව් කරන දිහා බලන් ඉද්දිමයි..
"" සීන්.......සීන්...""
මගෙ කන ලගින්ම ඇහුන එයාගෙ හඬට මගේ මුවග ලාවට හිනාවක් ඇඳෙන්න ඇති කියල මට පොඩ්ඩක් වත් තේරුනේ නෑ.. අතට දැනුන එයාගෙ ස්පර්ශයත් එක්ක මම ඇස් ඇරියෙ වට පිට බලන ගමන්..
"" මට නින්ද ගියානෙ මහත්තයො දන්නෙම නැතුව..""
"" හ්ම් මහන්සිත් ඇතිනෙ..දැන් ගිහින් රෙස්ට් කරා නම් හරි..""
"" මම එහෙනම් යන්නම් මහත්තයො.. ගුඩ්නයිට්..""
"" ගුඩ්නයිට්..""
ගේට් එක ලගින්ම කාර් එක එයා නතර කරල තිබ්බ නිසා.. මම වාහනෙන් බැහැල ගේට් එකෙන් ඇතුලට යනකනුත් එයා ගියෙ නෑ කියල තේරුන නිසා මම උඩ බැල්කනියට දුවල ගිහින් කාර් එක දිහා බලද්දි.. එයා එවෙලෙයි කඩාගෙන යන්න ගියෙ..
ESTÁS LEYENDO
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanficදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...