CHAPTER 👉 28

948 187 39
                                    

කාලෙකට කලින් මම දකින්න ආස කරපු රූපෙ.. ඒ කාලෙ මම අහන්නම ආස කටහඬ..දැන් මට හීනයක්..මම කරපු වරදකට මට මහ ගොඩක් දුන්න දඬුවම්..හ්ම් ඉතින් එයාට තවත් වේදනා නොදී මාත් වේදනා විද විද දුක් නොවී.. එයාගෙන් ඈතකට ගිහින් මගෙ පාඩුවෙ ජීවත් වෙන්න බැලුවම..

ඒකට ඉඩක් නෑ වගේ.. මොකද දැන් මගෙ ඉස්සරහ ඉන්නෙ එයා.. ඔව් සුදු පාට කාර් එකට හේත්තුව දාන් මන් දිහා බලාන ඉන්නෙ ලියෝන් තමයි.. හැබැයි එයා තනියම නෙමෙයි ඇවිත් ඉන්නෙ.. කාර් එක ඇතුලෙ එයාගෙ යාලුව හන් පවා මන් දිහා බලාන ඉන්නවා..

මට ඕන නෑ දැන් ලියෝන්ට ලන් වෙන්න.. එයාව හැමදාමත් හිතේ තියාගෙන පරිස්සම් කරගන්නයි මට ඕන කරන්නෙ.. එතනින් එහා මට ඕන නෑ එයාගෙන් ගුටි කකා බැනුම් අහ අහ ජීවත් වෙන්න..

ඉතින් මම හිතුව මෙතනදිත් එයාව මග ඇරල යන්න.. ඒත්.....ඒකට මට ඉඩක් දුන් නෑ එයා...

"" ඇයි........""

එයාව පහු කරගෙන යන්න ගිය මගෙ අත එයා අල්ල ගනිද්දි.. මම තරමක කේන්තියෙන් එයාට කතා කරේ...

"" මන් එක්ක යමු..""

"" අපායටද..""

එයාගෙ මුලදි තිබ්බ තරහ පිරුන මූණ අද අසරණ කමක් විතරයි මම දැක්කෙ..ඇස් වටා ඉදිමිලා කළු වෙලා තියෙද්දි හොදා කාරවම කියන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් විදිහට.. නින්දක් වත් නැතිව හා මත්ව ඉන්නෙ කියල.. කොණ්ඩෙ අපිලිවෙල කමයි ඇඳුම් පවා දාගෙන තියෙන්නෙ හදිසියෙන් වගේ කියල බැලූ බැල්මටම කියන්න පුලුවන් ඕනම කෙනෙක්ට..

ඒත් ඇයි එයා මෙහෙම පිස්සෙක් වගේ ඉන්නෙ..මම නිසා නම් වෙන්න බෑ.. මොකද මම එයා ලග හිටපු කාලෙවත් මන් ගැන දුක් නොවුන මාව ගනන් නොගත්ත එයාට දැන් මන් ගැන අනුකම්පාවක් ආදරයක් ඇති වෙයිද..

"" සීන්..පරන දේවල් අමතක කරන්න..දැන් එන්න යන්න මන් එක්ක..""

"" අහ්.. එහෙමද.. ඉන්න මහත්තයො ඔයා කියපු ගමන්ම මම හැමදේම අමතක කරල ඔයා එක්ක එන්න.. අනේ මේ තමුන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නවා ....""

"" සීන්.......""

නෑ මම එයා කෑ ගැහුවත් එක පාරක්වත් කනකට නොගෙන අත ගසල දාල යන්න ගියා..එයා මන් ලග වැද වැටුනත් මට බෑ ආයෙත් හැරෙන්න..

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺWhere stories live. Discover now