CHAPTER 👉 17

884 172 107
                                    

එයා කියපු දේත් එක්ක මට හිතුන් නෑ යීබෝ එක්ක එකට නිදා ගන්න..මම දන් නෑ ඇයි මම මෙහෙම හැසිරෙන්නෙ කියල.. ඒත් මට ඕන යීබෝ දිහා ඈතින් ඉදන් බලන් ඉන්න විතරයි.. එයාට ලන් වෙලා ආදරේ කරන්න මට ඕන නෑ.. එයා උනත් මට එයාගෙ ජීවිතේ විශේශ තැනක් දෙන් නැති වෙයි..මටත් ඕන නෑ එයාගෙ ජීවිතේට ගිහින් ලියෝන්ගෙ ජීවිතේ නැති කරා වගේ විනාස කරල දාන්න..ඉතින් මම තීරණය කරා එයාගෙන් ඈත් වෙලා ඉන්න..

"" නිදාගන්නෙ නැද්ද සීන්..""

එයාගෙ මූණ නොබල ෆයිල් එකක් බල බල හිටපු මගෙන් එයා එහෙම අහද්දි.. මට හිතුන එයාගෙ මූණට එබිල කියන්න.. මට අද නිදා ගන්න බැරි හේතුව ඔයා කියල..

"" දැම්ම නිදාගන්නෙ නෑ..මට කරන්න වැඩ වගයක් තියෙනවා..""

"" හ්ම්...""

ලැප් එකත් ඕපන් කරගෙන ෆයිල් ගොඩක් ගොඩ ගහගෙන වැඩ වගේක හිර වෙලා හිටපු මන් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු යීබෝ ඇඳේ එක පැත්තකින් බ්ලැන්කට් එකත් පොරවගෙන හොදට නිදාගෙන හිටියෙ..

මම විටින් විට එයා දිහා බල බලම මගේ වැඩ කරල ඉවර වෙලා බාතෲම් එකට ගිහින් ඇවිත් පුටුවෙම ඉදගෙන මේසෙට ඔලුව ගහන් නිදා ගත්තෙ.. යීබෝට ඇඳේ නිදාගන්න ඉඩ දීල..

එයා මන් එක්ක මෙහෙම එකට ඉන්නවට කිසිම අකමැත්තක් නෑ වගේ තමයි මම දැක්කෙ එයාගෙ මූණෙන්.. එයා හරි සැහැල්ලුවෙන් කළු ස්කිනි එහෙකට සුදු පාට කොට කලිසමක් ඇදන් හිටපු මොහොතෙ මගෙ හිතට දැනුන අමුතුම කෝල බව මට තවමත් තේරුම් ගන්න බෑ.. වෙනදට නොදකින කඩවසම් බවක් අද දැක්ක මම..එයාගෙන් පේන රස්තියාදු පෙනුම නම් ඉතින් කාටත් මකන්න බෑ.. ඒකට ඉතින් එකම හේතුව එයා වවන් ඉන්න කොණ්ඩෙ සහ කරාබු තමයි.. හැබැයි එක දේකට තියෙන්නෙ ඒ ස්‍ටයිල් එකත් යීබෝට ගොඩක් හොදට ගැලපෙනවා..

එයා ලග නිදා ගත්තෙ නැති උනාට යීබෝ ගැනම හීන දැක දැකම මට බරටම නින්ද ගිහින් තිබ්බ..

_________________________________________

"" සීන්...සීන්.......""

හුරු පුරුදු හඬත් එක්ක හීනියට හිනා වේගෙන ඇස් හෙමීට අරිද්දි.. මම මේ ලෝකෙ දකින්න ආසම රූපෙ ඇස් ඉස්සරහ දැක්කම මට අදහගන්න බැරුව ගියා...

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺWhere stories live. Discover now