නංගිය මන් දිහා කන්න වගේ බලාන ඉද්දි.. මම එයා තව මුකුත් කියන්න කලින් එලියට ආවෙ ඇවිත් ඉන්නෙ ලියෝන් නම් එයාව කෝම හරි මෙහෙන් එලෝනව කියල හිතාගෙන.. මොකද මට ඕන නෑ නංගි ලියෝන් එක්ක පැටලිලා මේ ගමෙත් නිකන් විහිලුවක් වෙනව බලන්න..
ඒ හින්ද ආපු ආවේගෙත් එක්ක මම මිදුලට යද්දි දකින්න ලැබුනෙ සුදු පාට කාර් එක වෙනුවට රතු පාට කාර් එකක් පාරෙ නවත්තල තියෙනවා.. එහෙම්ම මගෙ ඇස් ගියෙ මිදුලෙ ලියෝන් වෙනුවට හිටිය හන් ලගට..
"" ඔයා මෙහෙ..""
කඳු දිහා බලාන කල්පනාවක හිටපු යීබෝගෙ යාලුව මගෙ පැත්ත හැරුනෙ මූණෙ හිනාවක් රදවගෙනමයි..
ලියෝන් නැතුව හන් තනියම ඇවිත් තියෙන්නෙ වැදගත් කාරනයක් ගැන මන් එක්ක කතා කරන්න කියන එක නම් එයා දිහා බැලූ බැල්මටම තේරුම් ගියා මට..
"" කතා කරන්න පුලුවන් ද ටිකක්..""
"" හ්ම් කියන්නකො..""
""මම අද ඔයාව හම්බ වෙන්න ආවෙ මල්ලි.. ඇත්තටම මගේ එකා යීබෝ නිසාමයි..""
ලොකු කතාවකට මුල පුරන ගමන් හන් මන් දිහා බලද්දි.. මම අත් දෙකත් පපුවට බැදගෙන එයාගෙ කතාවට ඇහුන් කන් දුන්නා..
"" මම දන්නවා ඔයාගෙයි යීබෝගෙයි අතීතය වගේම දැන් ඔයාල දෙන්න වැඩිය ඇයි හොදයියක් නෑ කියලත්.. ඒත් මල්ලි යීබෝ ඇත්තටම පව්.. ඌ පහු ගිය කාලෙ විදපු දුක් මම දන්නෙ.. ඇත්තටම යීබෝ ඔයාව අමතක කරල නෑ මල්ලි.. ඌට එහෙම කරන්නත් බෑ.. උගෙ හිතේ තවම ඉන්නෙ ඔයා විතරයි.. ඒත් උගෙ හිතට වද දෙන එකම දේ තමයි ඔයාලගෙ අතීතය ..""
තාමත් ලියෝන් මට ආදරෙයි කියන වචන ටික ඇහෙද්දි නම් මගෙ හිත පිස්සු නටන්න ගත්ත උනත් මම කිසිම දුකක්වත් කේන්තියක්වත් මූණෙන් නොපෙන්වන්න උත්සහ කරා හන් ඉස්සරහ..
"" ලියෝන්ට වෙච්ච දේවල් ගැන මට කියන්න..""
හිතට කොච්චර බොරු කලත් මගෙ කට ඉස්සර උනේ ලියෝන්ට වෙච්ච දේවල් ගැන දැන ගන්න තිබ්බ උවමනාව නිසා.. මගෙ ප්‍රශ්නෙත් එක්ක හන් සුසුමක් වාතලයට මුදා හැරල ආයෙත් මට පස්ස හරෝල කඳු දිහා බලන්න ගත්තෙ සාක්කුවටත් අත් දෙක ඔබාගෙනමයි..
ESTÁS LEYENDO
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanficදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...