මම අත්තම්මව බලල ඇවිත් ඇඳුම් ඇදගෙන සපත්තු දදා හිටියෙ අද clinic එකට නොයා කිචන් එකට අවශ්‍ය එළවළු පහේ පන්න අරගෙන ඇදුමක් දෙකක් ගන්න ශොපින් කරන්නත් ගිහින්ම ගෙදර එනව කියල හිත හිතාමයි..
"" අයියා..""
"" අහ් අත්තම්මව තනියම තියලද ආවෙ ආ..""
පැහිච්ච කෙල්ල මාව හොයන් ඇවිත් ඉන්නව දැක්කම මට ටිකක් තරහ ගියා.. මොකද අත්තම්මට ආයෙ කලන්තයක් එහෙම ඇවිත් වැටිල නරක තැනක් වැදුනොත් එහෙම කියල හිතට බයක් දැනෙන්න ගත්ත නිසා..
"" මම මග් එක අරන් යන්න ආවෙ අනේ.. ඔච්චර කෑ ගහන්න ඕනද ඕකට..""
කෙල්ල මටත් රවාගෙන ගිහින් ටේබල් එක උඩ තිබ්බ මග් එක අතට අරගෙන මන් දිහා බලන් ඉන්නවා ඇස් කොනින් මම දැක්කත් නොදැක්ක ගානට සපත්තුවෙ ලේස් ගැට ගගහ හිටිය..
"" මේ අයිය අර ආපු සර් මාර ලස්සනයි නේද..""
"" හ්ම්..""
"" හැබැයි ඒ සර් ඔයා දිහාම තමයි බලන් හිටියෙ..""
කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන කොණ්ඩෙ හද හද හිටපු මගෙ ඇස් ගියෙ එක පාරටම නංගි ගාවට..
"" මොකක්..මම එහෙම එකක් දැක්කෙ නම් නෑ..""
මම කියපු දේට..ඒකි නෝක්කාඩුවට වගේ හිනා වෙද්දි.. මට කවදාවත් නැතුව ලැජ්ජාවක් දැනෙන්න ගත්තා..
"" කවුද දන්නෙ ඒ සර්ගෙ හිත අයිය ලගට මෙන්න මේම මේම ඇවිත්ද කියල..""
කෙල්ල මගෙ අත දිගේ එයාගෙ චූටි ඇගිලි තුඩු ගේන ගමන් කියන පන්ඩිත කතා වලට අයින්න හිතුන පොඩි එකීගෙ ඔලුව හිල් වෙන්න ටොක්කක්..
"" අහ් පැහිච්ච කම් ඇති දැන්.. ගිහිල්ල අත්තම්මව බලාගන්නවා.. මෙතනට වෙලා කියව කියව ඉන්නෙ..""
මම කෙල්ලගෙ අත අයින් කරල ෆෝන් එකත් අතට අරගෙන ටිකක් නංගිට සැර කරද්දි.. කෙල්ල පස්ස නොබල පල්ලෙහාට දිව්ව..මගෙන් ගුටියක් කන්න වෙයි කියල හිතලම තමා ඔය යන්න ඇත්තෙ..
පිස්සු කෙල්ල ගියයින් පස්සෙ..මම බෑග් එකකුත් කරේ දාගෙන දොරත් වහන් එලියට බැස්සෙ අත්තම්මගෙ ගෙයි දොර දිහාත් බල බල.. වෙලාවට දොර වහල තිබ්බෙ.. නැත්තම් අනේ අයිය මට අරව ගේන්නකො ගාද්දි.. බෑ කියන්නත් බෑනෙ ඉතින්.. මමත් ඉතින් ගොනා සේ උස්සන් එනවා කඩචෝරු.. ඒත් කෙල්ල මට නොකිව්වත් ඒකිට ටොෆියක් හරි ගේනවා මම මාකට් ගියාම.. අදත් අනිවාරෙන් එයාගෙ කොටස එයාට දෙනවා..
ESTÁS LEYENDO
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanficදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...