CHAPTER 👉 26

965 196 78
                                    

මගෙ ඔලුව වටේම ලෝකෙ කැරකෙනව වගේ හැඟීමක් දැනෙන්න ගත්තෙ..මම දිව්ව පාර දිගේ පිස්සෙක් වගේ දිව්වෙ.. මිනිස්සු එකා දෙන්න මන් දිහා බැලුවත් මට කිසිම ගානක් තිබ්බෙම නෑ.. එක අතකින් ගලන කදුළු පිහිද පිහිද ඉකි බිඳුම් දෙන මන් දිහා බලාන හිටපු අහසටත් දරා ගන්න බැරිම තැන මහ පොළොවට වැස්ස ඇද හැලෙන්න ගත්තා..

ඇයි....ඇයි..මෙහෙම...කරන්නෙ.. ලියෝන්...

ඔයාට ඕන මට මේ විදිහට රිද්දන්නද මහත්තයො..

මම කොච්චර දරා ගන්නව කිව්වත් හැම දුකක්ම..මමත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක් නෙමෙයිද....?

උබ යැන්සි එක්ක ඉන්නව දැක්ක ඒ දවස අමතක කරේ මම මොන තරම් අමාරුවෙන්ද කියල දන්නවද...?

උබ මට දෙන මේ දුක් කන්දට මම හැම රෑකම කදුළු බොනව කියල දන්නවද..?

නෑ.....නෑ...උබට බැරි උනා ලියෝන් මාව තේරුම් ගන්න.. කාත් කවුරුත් නැති අනාතයෙක් උන මාව පොඩ්ඩක්වත් උබ අදටත් තේරුම් අරගෙන නෑ...

උබ අද මගේ හිත බිඳල දැම්මා මහත්තයො බිඳල දැම්මා...

තවත් බෑ...උබට හොඳින් ඉන්න දීල මම යන්නම් මහත්තයො...මම සදහටම යන්නම යන්නම්..

වැස්සෙ තෙමීගෙනම මම ඇවිත් තිබ්බ ගෙයි කිට්ටුවටම.. බොද වෙවී යන පාරයි සැරෙන් සැරේට මැවි මැවි පේන ක්ලබ් එකේදි දැක්ක යීබෝගෙ හපන්කමුයි එක්කම මගෙ පපුවත් රිදෙන්න අරන් තිබ්බ..

"" අයියෙ මොකද්ද උනේ..""

වැනි වැනිම ගේට් එකෙන් ඇතුල් උන මන් ලගට නංගි දුවන් ආවෙ කලබල වෙලා වගේ.. කතා කරගන්නවත් මගෙ කටට පනක් තිබ්බෙ නෑ.. එන්න එන්නම මගේ ඇගේ ශක්තිය හීන වීගෙන යනව කියල දැනෙද්දි මම නංගිගෙ ඇගට ටිකක් බර උනා..

"" න...ංගි...මට...ක..ලන්..තෙ..""

"" අයියේ...................................""

මට කියාගන්න පුලුවන් උනේ එච්චරමයි..අන්තිමට දැක්කෙ නංගිගෙ මූණ වෙද්දි..වට පිටාවම අදුරු වීගෙන මගෙ ඇස් දෙකම පිය විලා ගියා..









ලබ්ඩබ්...........ලබ්ඩබ්..........ලබ්ඩබ්........







""ලියෝන්""

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ