යීබෝ කේන්ති අරගෙන ඉන්න හැටි දැක්කම මට මතක් උනේ ලියෝන්ව..එයා කවදාවත් මෙහෙම හැසිරිලා තියෙනවා මම දැකල නෑ..මම එයාගෙ ගෙදරට ආපු මුල් කාලෙ රැස් පෙන්නුවට.. පස්සෙ ලියෝන් මට පන වගේ ආදරේ කරා.. ඒත් යීබෝ එයාට වඩා ගොඩක් වෙනස්.. යීබෝගෙ කේන්තියෙන් රතු උන මූණ දැක්කම මට බය හිතෙනවා.. එයාට ඒ තරම් දරුණු පෙනුමක් මේ වෙලාවෙ තිබ්බෙ..
"" මචං අපි යමු දැන් මෙතනින්..""
යීබෝගෙ යාලුවා එයා ලග නාහෙන් අඬන නිසාමද මන්ද.. කේන්තියෙන් එයා යන්න ගියෙ මන් දිහාත් බලාගෙනයි.. මම එයා යන දිහා බලන් හිටියෙ හිස් බැල්මකින්..
"" ඔයාට උදව්වක් ඕනද..""
"" අහ්..""
ඒ යීබෝගෙ යාලුවා.. එයා මන් ලගට ඇවිත් සුහඳව කතා කරද්දිත් පුදුම හිතුන..මොකද එයා යීබෝ වගේ නෙමෙයි කියල මට දැනුනා..
"" දැන් ගොඩක් රෑ වෙලානෙ..මම දන්න විදිහට ඔයා යීබෝට ට්‍රීට්මන්ට් කරපු ඩොක්ටර් මම හරිනෙ..""
"" ඔව්..""
"" ඒක තමයි..ඩොක්ටර් අපි එක්කම යමු..පාරෙ දැන් යන්නත් බෑනෙ තනියම.. අනික ඩොක්ටර්ට තුවාලත් වෙලා..""
එයා කියන එක හරි.. මම දැන් ඉන්න මානසිකත්වෙත් එච්චර හරි නෑ.. මම එයා එක්ක හීනියට හිනා උනේ හිනා නොවී බැරිකමට..
"" යමු..""
එයා ඉස්සර වෙලා යද්දි.. මම යන්න කලින් බැලුවෙ බිම ලේ පෙරාගෙන කෙදිරි ගාන ආයු කියන එකා දිහා වගේම අත පය කකුල් කඩාගෙන මළ කදන් වගේ තැන් තැන් වල ඉන්න උගෙ යාලුවො දිහායි බලාගෙන මම එයා පස්සෙ ඇදුනෙ සුදු පාට කාර් එකක් ලගට.. ඔව් ඒක යීබෝගෙ කාර් එක තමයි..
කාර් එකේ පිටි පස්සෙ දොර ඇරල දුන්න යීබෝගෙ යාලුව දිහා බලාගෙන මම සීට් එකෙන් ඉද ගද්දි.. දැක්කෙ එයා ඉස්සරහ සීට් එකේ කියල..මදක් නොසන්සුන් උන මම වහල තියන ශටර්ස් වලින් පාර දිහා බලද්දි.. යීබෝගෙ යාලුවා ඩ්‍රයිවින් සීට් එකෙන් ඉදගෙන ඩ්‍රයිව් කරන්න ගත්තා..
අපි තුන් දෙනාම නිහඬයි..යීබෝ තවමත් ඉන්නෙ තරහෙන් වෙන්න ඇති.. ඒකයි කතා නොකරනව ඇත්තෙ.. කේන්ති වැඩි උනාම සමහර මිනිස්සු නිහඬයි.. ඒක ඉතින් මම හොදටම දන්නවා..මොකද මමත් එහෙම කෙනෙක් නිසා..
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...