හඬන්නට සිත රිදුම් දුන්නා...
රිදෙන්නට කාරනා තිබුනා...
කියන්නට මට අවැසි වූවත්..
අහන්නට ඔබ මා ලග නොරැදුනා..
දැනෙන්නට ඉඩ හැරියා..
ඔබට පමනක් දුන් ප්රේමය මා දැනෙන්නට......හැරියා...💔එයා මට ආයෙ එක වචනයක්වත් නොකිය මාව ඒ පාලු තැන තනි කරල දාල යන්න ගියා.. මට අඬන්න ඕන කෑ ගගහ අඬන්න උනා එයා ඉස්සරහ.. ඒත් මට බෑ එයාගෙ කේන්තිය තව වැඩි කරන්න.. එයා කැමති නෑ ඉස්සර මම අඬනව බලන්න.. ඒත් එයා දැන් ඉන්න තත්වෙ එක්ක මම අඬනව දැක්කොත් මට බය එයා මට රිද්දනවට වඩා එයා එයාටම මොනාහරි කර ගනී කියල..
ඉතින් මම එයා කියන හැමදෙයක්ම අහන් හිටිය.. ඒ ආසාවට නෙමෙයි.. මොකද එයාට ඇති වෙනකන් මට ගහල බැනල එයාගෙ හිතේ කේන්තිය නිවන්නයි මට ඕන උනේ.. මම දන්නවා ලියෝන් මට සමාවක් දෙන් නෑ කියල.. මම දන්නවා එයා මට මැරෙනකන්ම මේ විදිහට පලි ගනී කියල.. ඒත් මම පන වගේ මගේ ලියෝන්ට ආදරෙයි.. ඒකෙ කිසිම වෙනසක් නෑ.. එදා හිටපු සීන් තමයි අදත් ඉන්නෙ.. මොකද මම මාව කවදාවත් වෙනස් කර ගත්තෙ නෑ මගෙ ලියෝන් නිසා.. මේ හිතට කාටවත් එන්න ඉඩ දුන් නෑ.. ලියෝන්ට විතරක් ආදරේ දුන්න මේ හිතට වෙන කාටත් ඉඩක් දෙනවට වඩා හොදයි මම මැරිල යනව නම්..
"" අයිය..මොකද උනේ..""
වැනි වැනි මම පාටි එක තියන තැනට ඇවිත් නංගි ලගට හෙමීට කිට්ටු වෙද්දි.. නංගි එක පාරට මගේ අතේ එල්ලිලා මගෙ මූණ දිහා බය වෙලා වගේ බලාගෙන අහපු දේට මම හීනියට හිනා උනා..
"" අපි දැන්වත් ගෙදර යමු.. මට ගොඩක් මහන්සි..""
"" හරි යමු..""
නංගිගෙ ඇස් මග ඇරල මම ඉස්සර වෙලා යද්දි.. එයා මගෙ පිටි පස්සෙන් හෙමීට ආවා..
යීබෝගෙ මාලිගාවක් වගේ ගෙයින් අපි දෙන්නම එලියට එනොකටවත් මම යීබෝව දැක්කෙ නෑ.. එයා කොහෙට හරි වෙලා යැන්සි කියන කෙල්ල එක්ක හුරතල් වෙනව ඇති කියල හිත කියද්දි.. මම කේන්තියෙන්ම ගිහින් කැබ් එකක් නවත්තගෙන නංගි එක්ක ඒකෙ නැගල යීබෝට නොකියම ගෙදර එන්න ආවා..
""අයිය ඔ....යා.....ට...""
මම ඔහේ කල්පනාවක් පිට පඩිපෙල නැගල උඩට යද්දි.. මට ලාවට වගේ ඇහුන නංගි මොනාද කියනවා.. ඒත් ඒ කිසි දෙයක් නෑහුන ගානටම මම ගෙට ගොඩ වෙලා දොර ලොක් කරල දැම්ම..
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්රෝහිකම් කළා වගේ.. උබ මට ද්රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...