CHAPTER 👉 08

968 198 28
                                    

තමන්ගෙ කෙනෙක් වෙනුවෙන්වත් ගහ මරාගන්න යන් නැති අය ඉන්න ලෝකෙක.. තමන්ගෙ අයට හෙන ගැහුවත් ගනන් නොගන්න අය ඉන්න කාලෙක.. මම අදුනන්නෙවත් නැති වැඩිය කතා බහක් කරලත් නැති යීබෝ ඇයි මන් වෙනුවෙන් මෙච්චර දේවල් කරන්නෙ..මට මේ හැමදේ ගැනම හිතන්න විතරයි පුලුවන්.. මොකද කිසි දෙයක් මට එයාගෙන් අහන්නත් බෑ...යීබෝ කියන්නෙ ලියෝන් නම් මාව දන් නැති ගානට ඉන්නෙත් නෑ.. ඒත් යීබෝ මට ලන් වෙනවද මම යීබෝට ලන් වෙන්න හදනවද කියල තේරුම් ගන්න බෑ තවමත්..

ඇවිත් හිටපු කොල්ලො හතර දෙනාටම මදි නොකියන්න නෙලන යීබෝ දිහා මම බලාගෙන හිටියෙ එයාව නවත්තන්නවත් මට හයියක් නොතිබ්බ නිසා..

"" මේ පැත්ත පලාතෙ ආයෙ උබල ආවොත්..මතක තියාගනින්.. ආයෙ යන්න වෙන්නෙ පෙට්ටියෙන් තමයි තොපිලට..""

යීබෝ එතන හිටපු උස එකාගෙ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරල දැම්ම පාරට ඌව ගිහින් වැදුනෙ උන්ගෙ වෑන් එකේ දොරේ.. පස්ස නොබලපු උන් ඔක්කොම වැටි වැටි දුවල ගිහින් වාහනෙන් පියාඹල යන්න යද්දි..යීබෝ එතන තිබ්බ ගලකට පයින් ගහල ඉනට අත් දෙක තියාගෙන විදගෙන යන උන්ගෙ වාහනේ දිහා බලන් හිටියෙ නිකන් සිංහයෙක් වගේ..

"" පරිස්සමින් අයිය..""

නංගියගෙ වාරුවෙන් මම හිට ගද්දි.. යීබෝත් මන් ලගට දුවල ඇවිත් මගෙ උඩ ඉදන් පල්ලෙහාට බලද්දි මම ඒ ඇස් වල දැක්කෙ දුකක්..

"" ඩොක්ටර් ඔයාට තුවාලද..""

"" හ්ම් අවුලක් නෑ බෙහෙත් ටිකක් දාගන්න පුලුවන්නෙ..""

මම අමාරුවෙන් උනත් ඒ බවක් නොපෙන්නුවේ යීබෝට නංගිව බය කරන්න බැරි කමටයි..

"" ඔය මහත්තය ඇයි මෙහෙ ආවෙ..""

මට ඕන වෙලා තිබ්බ එයා මෙහෙ ආපු හේතුව දැනගන්න.. අහම්බෙන් මගෙ ගෙදර ආව වෙන්නත් බෑනෙ..

"" අහ් මට අර තිබ්බ බඩේ අමාරුව අඩුවක් නෑ.. ඒ හින්ද මම clinic එකට ආව උදේම.. ඒත් ඩොක්ටර් ආවෙ නැති නිසා මට හිතුන අත්තම්මට ආයෙ අමාරු වෙලාද දන් නෑ කියල.. ඒ හින්ද කෝල් නොකරම මෙහෙ ආවෙ..""

එයා කියන එක විශ්වාස කරනවද නැද්ද කියල මට හිතාගන්න බෑ.. මොකද මම නෑ කියල මගෙ ගෙදරටම එන්න ඕනද මෙයා.. පුහ් විශ්වාස කරන්න පුලුවන් කතාද මේ මනුස්සය කියන්නෙ..

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺWhere stories live. Discover now