CHAPTER 👉 09

909 183 44
                                    

හවස clinic එක වහල ගෙදර ආවත් මගෙ හිත නම් තිබ්බෙ මන් ලග නෙමෙයි කියල මම පිළිගන්න කැමති උනේ නෑ.. නාන්න ගියත් කන්න ගියත් බොන්න ගියත් මගෙ හිතට ආවෙ එයාගෙ රූපෙ.. ඔව් යීබෝව මට අද සැරෙන් සැරේ මතක් උනා.. මට මගේ හිතම පාලනයක් නැතුව ගිහින් ඒකත් මම නොදන්න කෙනෙක් නිසා..

"" අයිය...""

ඇඳේ හාන්සි වෙලා කල්පනා කර කර හිටපු මම එක පාරට ගැස්සුනේ නංගිගෙ හඬට..

"" ආහ් මාව මතක් වෙලා තියෙන්නෙ මේ..""

හීනියට හිනා උන මම ඇඳෙන් බැහැල කිචන් එකට ගිහින් ෆ්‍රිජ් එකේ තිබ්බ චොකලට් බාර් දෙක අරගෙන ඇවිත් නංගිගෙ අත උඩින් තිබ්බෙ..මට එයාව ශේප් කරගන්න ඕන උන හින්ද..

"" සොරි අයියෙ..""

ඇස් වල කදුළු පුරවගෙන නහය රතු කරන් මන් දිහා බලාගෙන ඉන්න නංගිව දැක්කම මට ආයෙත් මතක් වෙන්න ගත්තෙ දිදීව.. එයා චූටි කාලෙ මේ වගේම මන් ඉස්සරහ ඇස් රතු කරන් අඬන්න හදද්දි..මම එයාව ලගට අරන් සනසන විදිහ...අදටත් මගේ මතක වල හරි පරිස්සමට තියෙනවා..

"" දැන් ඉතින් අඬන්න හදන්න නම් එපා..ඔයා මට මොනා කරත් අයිය ඔයා එක්ක පොඩ්ඩක්වත් තරහ නෑ..""

මම කෙල්ලව මගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අත ගාද්දි.. මගෙ හිත හැමදාම වගේ දුවල ගියෙ අතීතයට..

මාව සනසන්නවත් හුරතල් කරන්නවත් ආදරේ කරන්නවත් අද කවුරුත් මන් ලග නෑ.. අතීතයේ මට ආදරේ කරපු අය මම සදහටම නැති කර ගත්ත.. ඒත් එයාල මට දීල ගිය ලස්සන මතක මගෙ ලග පරිස්සමට තියෙනවා..ඒ දේවල් වලින් උනේ.. සදහටම ගිය එයාල නිදහස් උන එකත් එයාලගෙ මතක නිසා මම අදටත් දුක් විදින එකත් විතරයි..

කවදාවත් කවුරුත් තනි වෙන්න නරකයි ආදරේ කරන අය ලග නැතිව..මොකද ඒක ඇත්තටම පන පිටින් ටික ටික පිච්චෙනව හා සමානයි.. තනිකම පට්ට ආතල් කියල හිතුවට.. ඒක මහ වේදනාවක්..මට මගේ හිතේ තියන හැමදේම නංගිට කියන්නත් බෑ අත්තම්මට කියන්නත් බෑ.. ඉතින් නොකියන දේවල් කියන්න ලග කවුරුත් ඇත්තෙත් නෑ.. හැමදේම හිතේ හිර කරගෙන ඉද්දි මොන තරම් බරක්ද කියල දන්නවද.. එහෙම කෙනෙක්ගෙ හිතක් තේරුම් ගන්න නම් තමනුත් මේ වගේම කාත් කවුරුත් නැතිව තනි වෙලා බලන්නම ඕන..

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺTahanan ng mga kuwento. Tumuklas ngayon