CHAPTER 👉 12

872 170 29
                                    

අද යීබෝ වෙනුවට ලියෝන් ඩ්‍රින්ක්ස් අරන් ආව නම් මම දන්නවා කරන්න ඕන දේ.. ඒත් යීබෝ කියන්නෙ මගෙ කවුරුත් නෙමෙයිනෙ.. ඉතින් මට පුලුවන් උනේ එයාගෙ යාලුවට උපදෙස් දෙන එක විතරයි..

"" මට තේරෙනව ඩොක්ටර්.. මම මූ ගැන ඇහැ ගහගෙනම ඉන්නම් අදින් පස්සෙ..""

යීබෝගෙ යාලුව නම් ගොඩක් හොද කෙනෙක් කියල බැලූ බැල්මටම මට තේරුනා.. ඒත් යීබෝට නම් මේ මනුස්සයගෙ හොද ගති වලින් එකක් වත් ගෑවිලවත් නෑ..

"" රස්...නෙයි..""

යීබෝ එක පාරටම නින්දෙන් කියවන ගමන් රස්නෙයි කිය කියා ඇඳුම ගලවන්න දගලද්දි.. මාව නිකන්ම අනිත් පැත්ත හැරවුනේ ඇති උන ලැජ්ජාවට..

"" මචං මොනවද මේ කරන්නෙ.. ගෙදර ගිහින් උබ හෙලුවෙන් හරි නිදා ගනින්.. මෙතන තව මනුස්සයෙක් ඉන්නව.. විකාර කරන්න නම් එපා..""

යීබෝගෙ යාලුව එයා ලගට ගිහින් අත් දෙක තදින් අල්ලගෙන කුටු කුටු ගගා කියන දේවල් මට හොදට ඇහුනත් මම නෑහුනා වගේ ගිහින් මගේ බෑග් එක කරට දාගෙන රූම් එකෙන් එලියට ගියා..

මන් දන් නෑ එයා ඉස්සරහ මම ගොඩක් නොසන්සුන්.. ලියෝන්ගෙ සීන් එලියට එන්නම දගලනවා යීබෝ ඉස්සරහ..මම ඒ හැගීමට බයයි.. පොඩ්ඩක් නෙමෙයි මම ගොඩක් බයයි යීබෝ මට ලන් වෙන්න හදන එකට..

"" ඩොක්ටර් අපි එක්කම යමු.. දැන් ගොඩක් රෑ වෙලා නිසා කැබ් එකක් අල්ලගන්නවත් බැරි වෙයි..""

"" හ්ම් ..""

යීබෝව අමාරුවෙන් වත්තන් කරගෙන එයා කාර් එකේ පිටි පස්සෙ සීට් එකෙන් හාන්සි කරවද්දි.. මම ඉස්සරහ සීට් එකට ගියෙ පිටි පස්සෙ මොකෙක්ටවත් යන්න ඉඩක් නොතිබ්බ නිසා..

"" ඩොක්ටර්ට මමත් වද දුන්නද මන්ද අපේ එකාව උස්සන් ඇවිත්..""

එයා ඩ්‍රයිව් කරන ගමන් වාහනේ තිබ්බ නිහඬ තාවය බිදල කතා කරද්දි.. මම හීනියට හිනා උනා..

"" අනේ ඕක මොකද්ද...මම ඩොක්ටර් කෙනෙක්.. මගේ යුතුකමක් පේශන් කෙනෙක් ආවම ට්‍රීට්මන්ට් කරන එක..අද කරෙත් මම එහෙම දෙයක් තමයි..""

"" තැන්ක් යූ සෝ මච් ඩොක්ටර් මේ කරපු හැමදේකටම..""

"" මගෙන් උදව්වක් ඕන උනොත් ඕනම වෙලාවක එන්න..මම අනිවාරෙන් ඔයාලට උදව් කරන්නම්..""

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺWhere stories live. Discover now