CHAPTER 👉 03

1.1K 205 95
                                    

( Nanjing 1:30 pm )

අද වෙනදට වඩා ගොඩක් පේශන්ස්ල ඇවිත් හිටිය.. මන් හිතන්නෙ අද තිස් පහකට වඩා හිටිය උදේ වරුවෙ විතරක්..ලන්ච් වලින් පස්සෙ බලන්න පේශන්ස්ල දැන් පහළවකට වඩා ඉන්නවා..ඒ හින්දම ඉක්මනට ලන්ච් අරගෙන පේශන් කෙනෙක්ට ඇතුලට කතා කරන්න යද්දිම මගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත..ස්ක්‍රීන් එකේ තිබ්බෙ මින්හාගෙ නම දැක්කම මගේ මූණට හිනාවක් ආවෙ..

"" හලෝ කෙල්ලෙ..""

"" ආහ් මම කතා කරනකම්.. උබ කතා කරන්නෙ නෑ නේද..""

"" මොකටද බලෙන් යන්නෙ ඉතින් මම..""

"" හම්මේ මුගෙ ගණන්..""

"" එහෙම තමයි.."'

"" හරි හරි බලමුකො කොච්චර කාලෙකටද කියල..මම මේ කතා කරේ උබට සතුටු හිතෙන ආරන්චියක් කියන්න..""

"" මොකද්ද..""

"" ලබන සතියෙ මම අම්ම එක්ක චයින වලට එනව බං..""

"" අඩේ මට මාරම සතුටුයි බං..""

"" හ්ම් මේ අපේ අම්මගෙ බර්ත්ඩේ එක බං අපි චයින වලට එන දවසෙම.. මම එදාට නයිට් පාටියක් ඇරේන්ජ් කරනවා උබත් වරෙන් ආ..""

"" අනිවාරෙන් මම එනවා..""

"" හරි එහෙනම් මම තියනවා බං.. මම වැඩ ගොඩක හිර වෙලා ඉන්නෙ..""

"" ok bye..""

හිතට අද නම් කාලෙකට පස්සෙ සතුටක් දැනුනා.. මගේ හොදම යාලුවා මෙහෙට එනවා.. කාටද සතුටු නැත්තෙ දන්න කාලෙ ඉදන් එකට හිටපු යාලුව ආයෙ මීට් වෙන්න ලැබෙද්දි..ඒකි ආව කියන්නෙ මාවත් ඇදගෙන රෝන්දෙ යයි.. ඒකි එහෙම කෙනෙක්.. විනෝදෙන් ඉන්න ගොඩක් සතුටින් ඉන්න කැමති කෙනෙක්..

මින්හාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එහෙමත් නැත්තම් ලියෝන්ගෙ යාලුවා ශුඒ නැති උනයෙන් පස්සෙ.. කෙල්ලත් ඇති තරම් ඇඬුවා.. ඒකිත් පන ඇරල ශුඒට ආදරේ කරල තිබ්බ.. ශුඒගෙ මරනෙ නිසා කෙල්ලට පිස්සු හැදුන් නැති ටික.. මාත් ඒ කාලෙ හිටියෙ වැලහින්නක් වගේ අඬාගෙනම නිසා.. ඒකි හිත දැඬි කරන්.. කදුළු හංගගෙන මගේ හිත හදන්න බැලුවා..මින්හා එක්ක මගේ හිතේ තරහක් නම් නෑ.. ලියෝන්ගෙ මරනෙ වෙන එක නතර කරන්න තිබ්බ මින්හා කලින්ම මට ඇත්ත කිව්ව නම්.. ඒත් මින්හාගෙත් ඔෆිස කට වහල තිබ්බ නිසායි ලියෝන්ගෙ මරනෙ සිද්ද උනේ..

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺHikayelerin yaşadığı yer. Şimdi keşfedin