මට දන්නෙම නැතුව රෑ නින්ද ගිහින්...ඒ කීයටද කොහොමද කියලවත් මට මතක තිබ්බෙ නෑ..මොකද මගේ සිහින වල පවා මගෙ ලියෝන් හිටපු නිසා... කාලෙකට පස්සෙ හොදටම නින්ද ගිහින් හිටපු මගෙ පස්සෙ ඉදන් කොන්ද යනකන් කැක්කුමක් ආව හන්ද මම හෙමීට ඇස් ඇරල බලද්දි.. යීබෝ ඇඳ උඩ හිටියෙ නෑ..
"" එයා ගිහිල්ලා..""
මගෙ මුවින් එහෙම පිටවෙද්දි.. ඒත්....ඒත් මගෙ ඇස් ඉස්සරහ මෙට්ටෙ උඩ චූටි සුදු පාට කොළ කෑල්ලක් තිබ්බ.. ඉක්මනට ඒක අතට අරගෙන හදිසියෙන් වගේ මම කියවන්න ගත්තෙ.. හතිය හැදුන එකෙක් වගේ හයියෙන් හයියෙන් හුසම ගන්න ගමන්..
"" තමුසෙට ඊයෙ රෑ මම වද දුන්න නම් සොරි.. ඉතින් කරපු උදව්වට තැන්ක් යූ..හ්ම්ම්.....අද හවසට එනව මාව හම්බ වෙන්න.. මම ලොකේශන් එවන්නම්..""
අන්තිම වචන ටික කියවද්දි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ.. ඒ කොළ කෑල්ල අතේ ගුලි කරන් මම ඇඳෙන් ඉද ගද්දිම..
"" අයි...දෙයියනේ මේ මොකද..""
මන් ලගට දුවන් ආව නංගි මගේ තොලේ තිබ්බ තුවාලෙ අල්ලන ගමන් බය වෙලා වගේ අහන දේවල් වලට මට උත්තර නැතුව ගියා..මොකද ඒ තුවාලෙ හොදටම පේනවා හපපු පාරක් කියල එහෙම එකේ මම මොනවද දෙයියනේ නංගිට කියන්නෙ.. බොරු මවන්න ගිහින් මම තමයි අමාරුවෙ වැටෙන්නෙත්..
"" අහ් මේ.. ඒක පොඩි තුවාලයක් නංගො..""
''" ඇත්තද.. මේ බලනව පොඩි තුවාලෙ තරම..ආහ් කවුද මගෙ අයියගෙ කට කෑවෙ...""
"" මොනවද මේ කියවන්නෙ.. අවුරුත් මාව කෑවෙ නෑ..මටමයි කෑම කද්දි තොල හැපුනෙ..""
මම එයාගෙ අතින් කොෆි මග් එක අරගෙන අලුත් බොරුවක් කිව්වෙ හිත ඇතුලෙන් දුක් වෙන ගමන්.. මොකද මම කැමති නෑ නංගියව මෙහෙම රවට්ටන්න.. එහෙම කියල මට බෑ යීබෝව පාවල දෙන්නත්..
""හ්ම්...හැබැයි මතක තියාගන්න මම බලන් ඉන්නවා කියල ඔයා මට ඇත්තම කියන කන්..""
එහෙම කියපු නංග යන්න යද්දි.. මම සුසුමක් පිට කරල කොෆි එක බොන්න ගත්තෙ අද හවසට යීබෝව හම්බ වෙන්න යනවද නැද්ද කියල හිතන ගමන්..
_________________________________________
උදේම පල්ලියට ගිහින් clinic එකට එද්දි මම ඈත තියාල දැක්කෙ ලුසී දොර කොඩ හිටගෙන ඉන්න එක.. ඇත්තටම ලුසී ගොඩක් උනන්දුවෙන් තමන්ගෙ තැනක් කියල මගෙ ලග වැඩ කරන එක ගැන නම් මට ගොඩක් සතුටුයි.. මොකද මම කාලෙකින් හරි කෙනෙක් තෝරගෙන තියන නිසා..
VOUS LISEZ
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...