යීබෝ ගැනම හිත හිත නින්දට වැටුන මම ඇහැරෙද්දි දවල් දොළහත් පහු වෙලා තිබ්බ.. උදේට නැගිටිනව වගේ නෙමේ දවල් නැගිටිනවා කියන්නෙ.. ඇග නිකන් තලල දාල වගේ හැගීමක් දැනෙන්න ගන්නෙ. මන් හිතන්නෙ ගොඩක් අයට එහෙම දැනෙනවා.. ඈලි මෑලි ගතියෙන් නැගිටල කාමරේම අස් කරල දාල දවල්ට කඩෙන් කනව කියල හිතාගෙන ලෑස්ති වෙලා එලියට ගියා..
අත්තම්මගෙන්ම කෑම කන්න හිතුවෙ නැත්තෙ ඒ මනුස්සයත් අසනීපෙන් ඉන්න නිසා.. පයින්ම ටවුන් එකට ගිහින් තනියම රෙස්ටුරන්ට් එහෙකින් කෑම කාල ගෙදර එන්න ආවා..
කරන්න කියල කිසි දෙයක් නැති තැන ඔහේ බලාගෙන ඉද්දි මගෙ ඇස් වලට ගැටුනෙ ටේබල් එක උඩ තිබ්බ මල් බොකී එක..
ඒක අතට අරගෙන යීබෝ මට ලියල තිබ්බ වචන පවා මම අතින් හෙමීට පිරි මදින ගමන් එදා ක්ලබ් එකේ සිදුවීම් මතක් කරන්න ගත්ත..
"" ඔයා ලියෝන් නෙමෙයි උනත්.. ඇයි මම මේ තරම් ඔයාට බැඳෙන්නෙ..""
________________________________________
හවස් වෙනකන්ම ඔහේ කාලය ගත කර කර හිටපු මට බෙල්ලෙ තිබ්බ මාලෙ අතේ තියෙද්දිම නින්ද ගිහින් තිබ්බෙ පුටුව උඩ..බෙල්ල කඩාගෙන වැටෙන්න යද්දිම ගැස්සිල ඇහැරුන මට ඇහුනෙ අත්තම්මටත් මොන මොනාදෝ කියල උඩට දුවන් එන නංගිගෙ සද්දෙ..
"" අයියා.........""
"" අහ් කොහොමද අද වැඩ ටික.. පේන විදිහට නම් කෙල්ල ගොඩක් සතුටින් වගේ..""
නංගිය වෙනදට වඩා සතුටින් ඉන්න වග මට තේරුනේ එයාගෙ හිනාවෙන්මයි.. මොකද වෙනදට හැම වෙලේම රවන ගස්සන මා එක්ක එල්ලෙන්න හදන කෙල්ල අද උඩ පැන පැන හිනා වෙවී එද්දි හිතා ගන්න පුලුවන්නෙ ඒකට හේතුව එයාගෙ අලුත් ජොබ් එක කියල..
"" නැතුව මම අද ගොඩක් සතුටින්.. යීබෝ සර් නම් මාරම හොදයි අයියේ..""
"" ඇත්තටම.. ඉතින් ඔච්චරම හොදයි කියන්න හේතුව..""
යීබෝ ගැන කතා කරද්දි මම ඕනවට එපාවට එයා ගැන ඇහුවත්.. හිතේ කොනක එයාගෙ නම උනත් අහන්න කැමැත්තක් තිබ්බ..
"" අද ලන්ච් එකේදි යීබෝ සර් මාවත් එක්කරගෙන ගියා එලියෙන් කන්න.. වෙන කාවවත් එහෙම ගෙනිච්චෙ නෑ අයිය.. ඇත්තටම මාර හොද බොස් කෙනෙක් මට ඉන්නෙ.. ඒ නිසාම අද මම සර්ට ඩිනර් වලට මෙහෙ එන්න කිව්ව..""
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...