මම පිස්සෙක් වගේ හැසිරෙන්නෙ දැන් යීබෝ මට ඊයෙ රෑ කියපු දේවල් නිසා කියල නංගිට කියන්නද දෙයියනේ.. ඒ මනුස්සය මගෙ මේ අහින්සක නංගිවයි අත්තම්මවයිත් ඉත්ත කරගෙන මාව පාගගෙන ඉන්න හදන්නෙ කියල මම කොහොමද නංගිට කියන්නෙ.. නංගිත් එයාට රැවටිලා ඉන්නෙ කියල මම කටක් ඇරල නංගිට කියන්නෙ කොහොමද.. එයා මේ දේවල් පිලි ගනීද..නංගි හිතයිද මට ඇත්තටම පිස්සු හැදීගෙන එන්නෙ කියල..
"" මට සමාවෙන්න..මගෙ ඔලුව පුපුරන්න වගේ කැක්කුමක් ආව..ඒකයි කේන්ති ගියෙ නංග..""
මෙච්චර වෙලා නංගිව මරන් කන්න හදපු මමම නංගිව ශේප් කරන්නත් එක්ක හිනා වෙලා කතා කරන්න ගද්දි.. එයා මන් දිහා පුදුම වෙලා වගේ බලන් හිටියෙ..
"" ඇත්තමද කියන්නෙ.. යීබෝ අයිය කියපු දේකට නෙමෙයි නේද මෙහෙම හැසිරෙන්න හේතුව..යීබෝ අයිය කැමති නෑ කිව්වද.. ඊයෙ මොකද උනේ අයියෙ..""
පුංචි අවස්ථාවක් දුන්න ගමන් ආයෙත් නංගි ඊයෙ වෙච්ච දේ අහද්දි.. මගෙ ඇස් කදුළින් බර උනා..
"" එයා මුකුත්ම කිව්වෙ නෑ නංග.. ඉතින් අපි ඔය දේවල් ගැන තවත් කතා නොකර ඉමු..හ්ම් දැන් ඔයා යන්නකො.. මට ටිකක් නිදා ගන්න ඕන..""
නංගි ඉස්සරහ එක කඳුළක් වත් පිට වෙයි කියල හිතුන නිසාම මම නංගිව ඉක්මනට කාමරෙන් යවා ගන්න බැලුවා..
"" හරි මම යන්නම්.. හැබැයි අයිය මම ඔයාව විශ්වාස කරනව හරිද.. කිසිම දෙයක් හංගන්න එපා.. මම හිතනව ඔයා මට ඉක්මනටම ඇත්ත කියයි කියල..""
නංගි ඇස් වල කදුළු පුරවගෙන දුවල පල්ලෙහාට යන්න යද්දි.. මම කොෆි එකවත් නොබී ඇඳෙන් හාන්සි වෙලා කල්පනා කරන්න ගත්ත..
මම නංගිට අද බොරු කියපු එක වැරදී තමයි.. ඒත් මම කොහොමද මගෙ හුස්ම ටික මන් ලගට ආවට එයා ඇවිත් තියෙන්නෙ මගෙන් පලි ගන්න කියල කියන්නෙ.. අවුරුදු හයක් හරියටම අවුරුදු හයක් මම මේ දුක් වේදනා වින්ද.. ඒත් අන්තිමට මගෙ දුක මහ මෙරකට වඩා වැඩි වෙන්න ගත්ත ඊයෙ ඉදන්..
ලි..යෝන්..
දන්නවද මහත්තයො ඔයා ඊයෙ කිව්ව වගේම මට නින්දක් ඇත්තෙම නෑ..
සැනසීමෙන් කන්න බොන්නවත් බෑ මහත්තයො මට දැන්..
උබේ ගිණි ගන්න ඇස් මට සැරෙන් සැරේට මතක් වෙනවා..
ඉස්සර අපි දෙන්න තුරුල් වෙලා අපේම ලෝකෙක තනි උනා..
දැන් අපි දෙතැනක අතරමන් වෙලා...
ඉස්සර පොඩි දේටත් ඔයා කලබල වෙනවා..
මට පොඩි හරි තුවාලයක් උනොත් මට වඩා ඔයාටයි ඒ වේදනාව දැනුනෙ..
ඒත් අද වෙද්දෙ ඔයා මාව හීනෙන් පවා මරනවා ලියෝන්..
VOUS LISEZ
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...