CHAPTER 👉 20

931 167 61
                                    

"" මාව රවට්ටන්න එපා සීන් කවදාවත්..""

මට මතක් උනේ එයා ඒ දවස් වල මට කියපු ඒ වචන ටික.. එහෙම කියපු එයා අද මගෙ ඉස්සරහම කෙල්ලෙක් එක්ක ආදරෙන් ඉන්නව දකිද්දි.. මගෙ පපුව පැලිල යන තරම් වේදනාවක් දැනෙන්න ගත්තෙ..

මගෙ දිහා ආදරෙන් බලපු ඇස්...
දැන් කොහෙවත් ඉන්න කෙල්ලෙක් දිහා ඔහොම ආදරෙන් බලද්දි.. මගෙ පපුව පිච්චනෙවා මහත්තයො..
මම විතරක් රතු වෙනකන් ඉඹපු ඔය කම්මුල් වල අයිතිය දැන් ඒ කෙල්ලට දුන්නද මහත්තයො..
මට විතරක් ආදරේ දුන්න උබ දැන් මගෙ හුළගවත් වදිනවට ඔය තරම් අකමැතිද ලියෝන්..
දැන් ඔය හදවත ගැහෙන්නෙ ඒ කෙල්ල වෙනුවෙන් විතරද..?

මගෙ පපුව රිදෙනවා මහත්තයො..
මගෙ ඕනරය කියල කියන්නෙ කාටද දැන්.. මම කාටද මහත්තයො ආදරෙයි කියල කියන්නෙ..
මම කා වෙනුවෙන්ද දැන් ජීවත් වෙන්න ඕන..
මේ විදවන විදවිල්ලෙ හැටියට මම දන්නවා ලියෝන්.. මට බැරි වෙයි වැඩි කාලයක් ජීවත් වෙන්න කියල..

මම යන්නම ගිය දවසකට උබට පුලුවන් මහත්තයො ඔය කෙල්ල එක්ක සතුටින් ජීවත් වෙන්න..
උබේ ජීවිතේ උදුර ගන්න හදපු මට මෙහෙම වෙලා මදිනේද මහත්තයො..
උබ කියනව වගේ මම මැරි මැරි ජීවත් වෙයි..
හැබැයි හරිම කෙටි කාලයක්..

යීබෝ ඒ යැන්සි කියන කෙල්ලව තුරුල් කරගෙන හිනා වෙවී මොන මොනාද කියව කියව ඉද්දි.. මම ඇස් වලින් ගලන කදුළු පිහිදගෙන ආයෙ පාටි එක තියන තැනට එන්න ආවා..

මට වේදනයි.. අඬන්න ඕන කෑ ගගහ.. ඒත් මම හැම දුකක්ම දරා ගත්ත.. මොකද මට ඕන උනේ නෑ යීබෝ ඉස්සරහ තවත් අඬල මම දුර්වලයි කියල පෙන්නන්න..

"" අයිය මොකද අවුලින් වගේ..""

"" අපි ගෙදර යමුද.. මගෙ ඔලුව රිදෙනවා හොදටම..""

මට ඕන වෙලා තිබ්බෙ ඉක්මනට නංගිවත් අරගෙන මෙතනින් යන්න.. මොකද මම හොදා කාරවම දන්නවා මාව දැක්ක ගමන් යීබෝ මට රිද්දන්න බලන්නෙ කියල මොනවම හරි කරල..

"" කොහෙ යන්නද හදන්නෙ..""

"" අහ්..""

හිතුව වගේම මගෙ පිටි පස්සෙන් ඇහුන යීබෝගෙ හඬට.. මාව ඉබේටම ඒ පැත්තට හැරෙද්දි.. එයා කට කොනින් හිනා වේගෙන කලිසම් සාක්කු දෙකට අත් දෙක දාන් මන් දිහා බලන් හිටියෙ හරි ලොකු වැඩක් එලියෙ ඉදන් කරල ආව වගේ බැල්මකින්..

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺWhere stories live. Discover now